සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..
යහනක් සිරි යහනක් වන්නේ එහි තිබෙන්නාවූ වටිනාකම අනුවය. එය මුදල්මය වටිනාකමක්ම නොවෙයි. පුද්ගලයෙකුට තිබෙන අගනාම යහන ඔහුගේ සිරි යහනයි. හොදම ආහාරය රජ බොජුනයි. පැල්පත පවා ඔහුගේ මාලිගයයි. ගීතය තුල ලූෂන් බුලත්සිංහලයන් විසින් මවන චරිතය හටද ඇත්තේ සිරි යහනකි. නමුත් එය ලනු ඉහිරුන අබලන් ලනු ඇඳකි. එයද ඔහුට සිරි යහනක් වීමෙන් හැඟෙන්නේ මේ චරිතය තුල තිබෙන දරිද්‍රතාවයි.එක
සඳෙන් සඳට මුවා වෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු
පැදුරට මුහුවෙලා හොරෙන්....
දිනෙන් දින මසෙන් මස ඔහුටත් නොදැනීම විවාහප්ප්‍රාප්ත
යහන තලා සැප විඳිනා
පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්.....
යහනේ වැතිරී විඳින්නට සැපක් ඔහු හට නොමැත්තේ ඔහු තනිකඩයෙක් බැවිනි. ස්ත්‍රී ඇසුර නොලැබීමට පෙර පිං මහිම අඩු වූවාද යැයි සිත ඔහු කම්පාවට පත් වෙයි. “මාල වළලු නොතිත් අයට” මාල වළලු වලින් පමණක් සැහීමකට පත් නොවන අය ලෙස සම කොට ඇත්තේ තරුණ ස්ත්‍රීන් වෙයි. ඔවුන්ටද ඔහුව ගැන කිසිඳු තැකීමක් නොකරන ගානයි.
අර්ථ පූර්ණ ගීතයක් ලෙස ඉමහත් රසික ආදරය දිනා ගැනීමේ හේතුව නිසාම තනිකඩ පුද්ගලයෙකුට උපහාසාත්මකවද මෙම ගීතය යොදා ගැනෙනු එදිනෙදා ජීවිතයේදී අප දැක ඇත්තෙමු. කෙසේ නමුත් තනිකඩ ජීවිතයක තිබෙන අතෘප්තිකර බව සියුම් ලෙස විග්‍රහ කිරීමට ඇති දක්ෂ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන් මෙම ගීතයේදී සමත්කම් දක්වා ඇත.