Wednesday, October 8, 2014
Fiverr රහස් ක්‍රම
සාර්ථක ගිග් එක Fiverr විකුනුම් වල හදවතයි
ඔයා හදන ගිග් එක ඔයාට මාසෙකට $150-$200 ක් උපයලා දෙන ගිග් එක වෙන්න පුළුවන්.ඒ නිසා ගිග් එකක් හදන කොට ටිකක් හිතලා සුපිරි ලේබලෙන් තියන්න පුළුවන් ගිග් එකක් හදන්න.තමන් කරන්න හිතන් ඉන්න ජාතියේ රේට් තියන ගිග් එකක් අරගෙන ඒකේ සේරම කොපි කරගෙන ගූගල් එකෙන් සයිස් එකවත් ෆිට් වෙන්නේ නැති පික්චර් එකක් අරගෙන විනාඩි 5න් ගිග් එක හදනවට වඩා පැය බාගයක් එහෙමත් නැත්නම් විනාඩි 45 ක් පැයක් අරගෙන ඔයා ගිග් එක හැදුවත් පාඩු නෑ ඒ ගිග් එක Fiverr පිලිගන්න සුපිරි ලේබලෙන් තියනවනම්.Fiverr යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා සාර්ථක ගිග් එකකින්.සුපිරි ගිග් එකක් හදන හැටි දැනගන්න මේ පෝස්ට් එක බලන්න.
Description එක වචන ටිකක් විතරද?
සමහර විට ගිග් වල stats පෙන්වන තැන clicks වැඩි ප්‍රමාණයක් තිබිලත් ඕඩර් අඩුගානක් එන බව දකින්න පුළුවන් වෙයි.අන්න එතනින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ගිග් එක පැහැදිලි කිරීම එහෙමත් නැත්නම් gig description එක දුර්වලයි කියන එක.ඔයාගේ ගිග් එකට ලැබිලා තියන ක්ලික් එක කියන්නේ ගොඩක් වටින දෙයක්.යම් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ගිග් එකේ මාතෘකාවයි ගිග් බැනර් එකයි වීඩියෝ එකයි දැකලා ගිග් එක විසිට් කරනවා.ඒත් description එක දැක්කහම ආපහු හැරෙනවා.
ඒ නිසා අපි අපේ ගිග් එක ගැන විස්තර කරන්න ඕනේ ඒක කියවන කෙනෙක්ට බයි කරන්න හිතෙන විදිහට.මුලින් ම හිතන්න ඕනේ අපි සෙලර් විදිහට නෙවේ බයර් විදිහට.ඒ කියන්නේ අපි ඕඩර් එකක් දාන්න හිතාගෙන යනවා කියන එක ඔලුවේ තියාගෙන description එක දාන්න ඕනේ.කොටින්ම short & sweet.පත හෑලි දානවට වඩා කියන්න ඕනේ දේ කෙටියෙන් පැහැදිලිව කියන්න.ඒ අතරතුරට අනිවාර්යෙන් ඇතුලත් වෙන්න ඕනේ ටිකක් තියනවා.
බයර් ඔයාගේ ඩිලිවර් එක ගැන 100% satisfy වෙනකල් රිවිෂන් කරනවා කියන එක
ඔයාගේ ගිග් එකෙන් කරනව කියල තියන දේට ඔයා තමයි ෆයිවර් වල දක්ෂම කෙනා කියන එක
පණිවිඩ වලට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා සහ ඉක්මනින් ඩිලිවර් කරනවා කියන එක
ඔයාගේ ගිග් එක ඔඩර් කිරීමෙන් බයර්ට ලැබෙන වාසි
ඔය ටික හරියට දාලා හොඳ කඩ්ඩෙන් description එක ලියන්න.කොටින්ම දිල හෑලි වල අනවශ්‍ය දේවල් දාන්න එපා.කවුරු හරි ඔයාගේ description බලන කෙනෙක් එන්නේ ඕඩර් එකක් දාන අදහසින්.සමහර වෙලාවට එයාට ඒක ඉක්මනට කරගන්න ඕනේ.එයාට ඕන දේ ඔයාගේ description එකේ තිබුනොත් අනිවාර්යෙන් ඕඩර් කරනවා ගිග් එක.
තවත් දෙයක් ඩිස්ක්රිප්ෂන් එකේ අවසානෙට
Thank You
Your Name
දාන්න.Your Name කියන තැනට ඔයා එකවුන්ට් එකෙන් පෙනී හිටින නම දාන්න.මේ කියන්නේ ඔයාගේ යූසර් නේම් එක නෙවේ.යූස් විදිහට එකවුන්ට් එක හැදුවනම් ඒකට හරියන නමකින් පෙනී හිටින්න.(john,Philips,Niroshan) අර විදිහට ඔයාගේ නම දැම්මට පස්සේ බයර්ස්ලට ඔයාව contact කරගද්දි ලේසියි.
Positive Feedback වලින් ඕඩර් ගොඩ දාන්න
සාමාන්‍යයෙන් පොසිටිව් ෆීඩ්බැක් වලින් වෙන්නේ අපේ ගිග් එකේ එකවුන්ට් එකේ රේටින් හැදෙන එක.ඒක අපි කරන දෙයක් නෙවෙයි ෆයිවර් වලින් ඔටෝමැටිකලි කරන දෙයක්.ඒත් මේ පොසිටිව් ෆීඩ්බැක් වලින් අපිටත් වැඩ ගන්න පුළුවන්.පොසිටිව් ෆීඩ්බැක් වර්ග කීපයක් තියනවා.
Thumbs Up,Good work,Thanks,Great වගේ ඒවා එච්චර වටින ෆීඩ්බැක් නෙවෙයි.මම මට වැටුන වටිනාකමින් වැඩි ෆීඩ්බැක් ටිකක් දාන්නම්.
I requested graphic design assistance from this artist after another artist did not complete the work. This artist, completed the request in a very timely manner and made a change that I requested in less than 5 minutes! AMAZING! Thank You!!!!
This is one of the best gigs on Fiverr. They will go the extra mile to make sure you are fully satisfied with their service.Many thanks again SJ
Awesome! thank you so much! Excellent work and super fast turn around! Will definitely be saving this one and using again!
ඔන්න ඔය ජාතියේ ෆීඩ්බැක් එකක් බයර්ගෙන් ගන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම.සාමාන්‍යයෙන් කවුරු හරි ඔයාගේ ගිග් එකේ description එක බලලා ඕඩර් කරන්න කලින් බලන දේ තමයි අඩුපාඩු මොනවද කියන එක.ඒ කියන්නේ නෙගටිව් මොනාද කියන එක.ඒ අස්සේ අපි අපිට බයර්ලා දාලා තියෙන වටිනා කමෙන්ට් ටිකක් පෙන්වන්න ඕනේ.ඒක කරන්න ඕනේ මෙහෙමයි ගිග් එකට යටින් පොසිටිව් ෆීඩ්බැක් තිබුනට සමහර විට ඒවා වැඩිවෙන්න වැඩි වෙන්න වටින ෆීඩ්බැක් ලිස්ට් එකේ පහලට ගිහින් අර මම කලින් කිව්ව ජාතියේ ඒවා උඩට එනවා.ඒ නිසා මුලින්ම හොඳ ෆීඩ්බැක් ටිකක් තෝරගන්න(4 ක් විතර).එහෙම තෝරගද්දි ඔයාගේ සර්විස් එක ඉක්මන්,ආයේ බයි කරනවා,හොඳ සේවවාක්,බයර් සතුටු වෙනකල් මොඩිෆිකේෂන් කරලා දුන්නා වගේ ඒවා තියෙන ඒවා ගන්න.ඊට පස්සේ description එකේ පහලින්ම Customer Reviews කියලා බයර්ගේ නමත් එක්ක අර ෆීඩ්බැක් එක දාන්න.ඒ දාද්දි බයර්ගේ නම් ටිකක් ලොකුවට දාන්න.මේ දේ කරන කොට ඔයාගේ දවසගානේ ඕඩර් එන ගිග් වලට කරන්න එපා මොකද ගිග් එඩිට් කරන කොට සමහර වෙලාවට ලිස්ට් වලින් අයින් වෙනවා.හොඳට පොසිටිව් ෆීඩ්බැක් තියනවනම් ඕඩර් එන්නේ නැති ඒවට මේ විදිහට කරන්න.
Gig Extra වලින් වැඩ ගන්න
ගොඩක් අය ගිග් එක හදද්දි extra වලින් වැඩ ගන්නේ නෑ හරියට.ෆයිවර් එන ගොඩක් සුද්දෝ එන්නේ ලාබෙට වැඩ කරවගන්න.ඒ නිසා ගිග් extra දාද්දි මේ ගැන හිතන්න.
ඩිස්කවුන්ට් දෙන්න.ඒ කියන්නේ අපි කරන්නේ ලොගෝ නම් extra වලින් $10කට ලොගෝ දෙකක් නෙවේ 3ක් හදනවා කියලා දාන්න.
ගිග් එකට අදාල අනිත් ගිග් ඒ ගිග් එකේම විකුනන්න.කියපු එක තේරුනාද දන්නේ නෑ.ඒ කියන්නේ ඔයාගේ එක ගිග් එකකින් extra වලින් තව ගිග් එකක් සෙල් කරන්න.ෆේස්බුක් ලයික් නම් දෙන්නේ ඒවගේ බයර්කෙනෙක්ට හරියන වෙනත් ඔයාට කරන්න පුළුවන් දෙයක් ඒ ගිග් එකේම extra වල දාන්න.
ඩිලිවර් කරන වෙලාව ගැන හිතන්න
ඕඩර් එකක් ආවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර් කරන්න.24 hours express delivery ලේබලෙන් තියාගන්න පුළුවන් නම් ඒ ගිග් එකට සට සට ගාලා ඕඩර් එයි.පුළුවන් තරම් ලේට් නොවී තියාගන්න ට්‍රයි කරන්න.මොකද ලේට් ඩිලිවරි ගිග් එකේ රේට් අඩුවෙන්න බලපාන බව ෆයිවර් කට්ටිය කියලා තියනවා.අනිත් දේ තමයි ගොඩක් අය දන්නේ නෑ මේ ලේට් ඩිලිවරි අපේ ගිග් එකට වැටෙක Days On Average කියන එකට බලපානවා කියන දේ.ඒ කියන්නේ අපි දවසකින් ඩිලිවර් කරනවා කියලා තිබිලා ඕඩර් කීපයක් ලේට් උනොත් පැය විසිහතරට වඩා වැඩියෙන් අරක 2 Days On Average කියලා ඔටෝමැටිකලි වෙනස් වෙනවා.ඊට පස්සේ ඕක අපිට එඩ්ට් කරන්න බෑ.එක දිගට පැය 24 කලින් ඩිලිවර් කරොත් ආයේ දවසකට වෙනස් කරගන්න පුළුවන්.එහෙම දවස් දෙකකට වෙනස් උනාට පස්සේ මතක තියාගන්න දවසින් වාඩ කරගන්න ඕනේ අය අපේ ගිග් එක ඕඩර් කරන්නේ නෑ.ඒකට කරන්න තියෙන්නේ title එක දාද්දි ඒකේ අවසානෙට deliver less than in 24 hours දිග වැඩි නම් less than in 24 hrs විදිහට දාන එක.
strong positive feedback හැම බයර්ගෙන්ම ගන්න
"උපුටා ගැනීමකි"