Wednesday, October 1, 2014

විවිධ සතුන් සිහිනෙන් දැකීමෙන් ලැබෙන පලාඵල


1) කළු නයෙක් දැකීම-:  ක්‍රමයෙන් අසරණවේ.

2) සුදු නයා -: විශාල ධනලාභ උරුම වාසි ලැබේ.

3) පිඹුරා -: සතුටක් කෙලවර දුකක්

4) ලේ මාපිලා-: මානසික රෝග ඇති කරයි

5) ගැරඩියා -: පහත් පැවතුම් ඇති ස්ත්‍රියකු හෝ පුරුෂයකු ඇසුරු කිරීමට සිදුවේ.

6) මකුණන් දැකීම -: නිධන් රෝගයක පෙර නිමිති

7) හිසෙහි උකුණන් සිටිනවා දැකීම -: අසමගිකම්       ඉස්මතුවේ.

8) මී මැස්සකු දැකීම -: ආධාර උපකාර ලැබේ.

9) මී මැසි රංචුවක් -: දියුණුව ලැබේ.

10) මී වදයක් දැකීම-: ආදරයෙන් උපරිම සතුට ලැබේ.

11) කකුළුවා -: අමනාපකම්

12) මාළු රැනක් දැකීම -: සුභ ආරංචියක්

13) තෝරා හෝ මෝරකු දැකීම -: සතුරු කරදර

14) ආඳා -: සුභ අසුභ මිශ්‍රව ලැබේ.

15) කටුස්සා -: දියුණුව ඇණ හිටී.

16) මකුළුවා -: අනතුරක්

17) මැඩියා -: හදිසි අනතුරක්

18) බඹරා -: පහත් අයගෙන් චෝදනා

19) දෙබරා -: නොකළ වරදකට අපහාස විදී

20) මැස්සා -: චිත්ත පීඩා

21) පළගැටියා -: යහළු මිත්‍රකම් බිදේ

22) කුහුඹුවන් දැකීම -: සමාජශිලීවේ.

23) කළු කුහුඹුවන් දැකීම -: නඩු හඹ වලින් ජය

24) දළඹුවා -: වටිනා දෙයක් නැතිවේ.

25) රිලවා -: රෝග උපද්‍රව හා රැවටිලි වලට හසුවීම

26) වඳුරා -: උගත් හිතවතෙකු සතුරුකම් කරයි.

27) මීයා -: මිතරකු යටින් උගුලක් අටවයි.

28) ගැඩවිලා -: පවුලේ අමනාප කම් ඇතිවේ.

29) පට පනුවා -: ගෞරව සම්මානයට පාත්‍රවේ.

30) තලගොයා -: පහත් අයකුගෙන් පහත් ගැරහුම්

31) වල් ඌරා -: පහත් අයකු විශ්වාස කොට කරදරයට පත්වේ.

32) ඔටුවා -: ඉදිරියේදී විවිධ අගහිඟතා මතුවේ.

33) බැටළුවා -: ඉදිරි සාර්ථකත්වය

34) ගවයා -: උත්සාහයෙන් තොරවම ජය ලැබීමක්

35) කලු ගවයා -: පවුලේ අය හා පිටස්තරයන් අතර ආරවුල්

36) කුළු හරකා -: සතුරු කරදරයක්

37) එළදෙන -: අනාගත දියුණුවට අඩිතාලම

38) ලෙඩවූ එළදෙන -: කරන වැඩ අවුල්වේ.

39) සුදු අශ්වයා -: විශාල ලාභ ලැබේ.

40) වෙනත් පැහැ අශ්වයකු -: අසුභ දසුනකි.

41) එළුවා -: කරදර වලින් පසු සහනයක්

42) ගෝනා -: භේද

43) බල්ලා -: කරන කටයුතු අසාර්ථකවේ.

44) බුරන බල්ලා -: ප්‍රභූ උදවු ලැබේ.

45) බල්ලා සපා කනවා දැකීම -: හිතවතෙකු විරුද්ධවේ.

46) බල්ලා සමඟ ඇවිදිනවා දැකීම -: හොද මිතුරකු හමුවේ.

47) සිංහයා -: ගෞරව සම්මාන ලැබේ.

48) ඇතා -: බලාපොරොත්තු ඉටුවේ.

49) කොටියා -: සතුරු උවදුරු

50) බළලා -: මිතුරකුගෙන් කරදර ඇතිවේ

51) වෘකයා -: පවුලේ අසමඟිකම්

52) නරියා -: බලාපොරෙත්‍තු වූ තරම් යහපත් ප්‍රතිඵල නොලැබේ.

53) ඉත්තෑවා -: ධන හානි

54) වළහා -: මිතරකු අමනාපවේ

55) මුවා -: කිසිවකු උගුලක් අටවමින් සිටී.

56) මොනරා -: පවුලේ සැමට නිරෝගී සුව

57) සැළලිහිණියා -: දේව ආශිර්වාදය ලැබේ.

58) කුකුළා -:දුරස් වූ ඥාතීන් ලංවේ

59) කිකිළිය -:ඩසතුට විනෝදය ලැබේ.

60) කිකිළිය සහ පැටවු -:බොරු චොදනාවකට හසුවේ.

61) වළි කුකුළා -:හදිසි ධන ලාභ

62) ගිරවා -:මිතරකු අමනාපවේ

63) මයිනා -:සම්පත් විනාශය

64) කපුටා -:ශෝකදායි පණිවුඩයක් අසන්නට ලැබේ

65) සුදු හංසයා -:ආර්ථිකය සවිමත්වේ සොර සතුරු උවදුරුද පැමිනේ

66) කළු හංසයා -:පවුල් අවුල්

67) වවුලා -:නොසිතූ කරදර

68) පරෙවියා -:පැරණි පෙම් සබදතා නැවත අළුත්වේ.

69) තාරාවා -:වැරදි සම්බන්ධ වලින් කරදර

70) රාජාලියා -:විනිවිද දැකීමක් කරදරයකින් මිදේ.

71) ගිජු ලිහිණියා -: සර්පයන්ගෙන් කරදර

72) කොවුලා -: පවුලේ අඩදබර

73) කෙබෙයියා -: ගෞරව සම්මාන ලැබේ

74) නාද කරන පක්‍ෂියකු දැකීම -: ධන ලාභ හා සතුරන් මිතුරුවේ.

75) කුකුළකු හඩලෑම දැකීම -: සතුට විනොදය ලැබේ.


( උපුටාගැනීම මුහුණුපොතෙන් )