Thursday, October 2, 2014

ඇරඹුමම කඳුළක්‌ වෙලා ගීත‍යේ කතාව -The Story Of Songs


















මෙම ගීතයෙන් පැවසෙන්නේ  වර්තමානය තුල සුලභ තාවකාලික අරුත් සුන් ප්‍රේමය පිලිබඳවයි.

ඇරඹුමම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා…
මෙය පෙම්වතෙකුගේ අසරණ ප්‍රකාශනයක් ලෙස දිස් වෙයි. ප්‍රේමය ආරම්භයේදීම එහි ඉමක් නොදකින බව හඳුනා ගන්න නිසාවෙන්ම සැමටම සිතට සහනයක්, සතුටක් ගෙනෙන ප්‍රේමය මේ ප්‍රේම මවන්තයාට ගෙන දෙන්නේ දුකක්. කිසිවක් කර ගත නොහැකි පෙම්වතා හට බලා සිටිනවා. ආදරය නමැති මාතෘකාව තුල ඇය බොහෝ දුරක් ඇවිදින්. මේ ප්‍රේමය තවත් එක නවාතැනක් පමණයි. පෙම්වතා බලාපොරොත්තු වන අන්දමට මේ පෙම්වතියගේ ගමනාන්තය නොවෙයි. ඇය ඔහු වෙතින් නික්ම යන්නේ ඒ නිසයි.


දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා…
ඇය ලියූ ආදර කවිය පෙම්වතාට බොහෝ දුක්බර වූ කවියක්. එකී දුක්බර කවියේ පවා පද පෙළක් අඩුවෙනුයි ඇය ලියා යන්නේ. එවන් කවියක අරුතක් කෙසේ සොයන්නද.. පෙම්වතා බලාපොරොත්තු වන්නට ඇත්තේ අරුත් පූර්ණ වූ ප්‍රේමයක් මිස තාවකාලික පෙම් කතාවක් නොවේ.මෙවන් ප්‍රේමයක අරුත විමසන්න ඇයත් නොමැති තැන ඔහු තවත් අසරණයි.


ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා…//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා…
කඳුලින් අරඹන මෙකී ප්‍රේමය කෙරේ යම් දිනක ශෝකාන්තයක් පැමිණෙන බව දෙදෙනාම දැන නොසිටියාම නොවෙයි. පෙම්වතා සිටියේ දිරිමත්ව එයට මුහුණ දීමට. නමුත් පෙම්වතිය තුල එයට දිරියක් ඇත්තේ නෑ. විසඳා ගත නොහැකි ඉමක් නොපෙනෙන ගැටළු ගොන්නක් ඉතිරි කර පෙම්වතා තනිකර පෙම්වතිය ඔහු කෙරෙන් නික්මී ගොසින් …!

කසුන් කල්හාරයන් සිය හඬ තුල විවිධ හඬ හැඩතල මවන්නෙක්. මේ ගීයට අවැසි වන ශෝකී ස්වරූපය මුසු ඔහුගේ හඬත්. නාලක අංජන කුමාර සංගීතවේදියාගේ මිහිරි සංගීතයත් ඉහත පද රචනයට සිදු කොට ඇත්තේ වචනයෙක් කිව නොහැකි සාධාරණයක්. ගීතයේ සාර්ථකත්වය කෙරෙහි බල පා ඇත්තේද එයම විය යුතුයි.