Monday, October 13, 2014

පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගීතයේ කතාව - Story of The Songs

















පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිය මොහොතක් නතර වුනේ......

සේනානායක වේරලියද්දයන්ගේ ගීත අතුරින් ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන අමරණීය ගීතයක් “පෙරුම් පුරාගෙන ආ සංසාරේ” ගීතය. ගීතයේ තනුව, සංගීතය, ගායනය නිසා එසේ ජනප්‍රියත්වයට පත් වන්නට ඇති. ගීතය පිටුපස ඊට පාදක උණු තවත් වේදනාත්මක කතාවක් තිබෙන බව දන්නේ ඉතාමත් සුළු පරිසක් පමණයි....

“ආදරේ අන්ධයි” ඔබ අසා ඇති.. ආදරෙන් බැඳුනු දෙදෙනෙකු හට ඔවුන්ගේ ලෝකයේ සිටින්නේ ඔවුන්ම පමණයි. බලාපොරොත්තු වන්නේද එකිනෙකාගේ සතුටයි. එසේ නොමැති ලෝකයකින් ඔවුනට කිසිඳු පලක් නැත.
එවන් පෙම්වතුන් දෙදෙනෙක් සිටියා එකිනෙකාට ඉමහත් ලෙස ආදරය කරන. ඔවුන්ගේ ලෝකේ එකම සිහිනය උනේ යම් දිනෙක විවාහ වීම උනත් එයට දෙපාර්ශවයේම ගුරු දෙගුරු ආශිර්වාදය ලැබුනේ නෑ.. ඉවසීමේ සීමා ඉක්මවා ගිය තැන එකිනෙකාගේ ආදරයෙන් දෑස් අන්ධව ගිය යුවල එක තීරණයකට එළැඹෙනවා.. මේ භවයේදී නොහැකි වුනත් නැවත භවයකදී හෝ එක් වෙන බලාපොරොත්තුවෙන්
දෙදෙනාම දුම්රියට පැන සියදිවි හානි කර ගැනීම ඒ තීරණයයි...

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ..
පෙම්වතුන් යුවලක් ඔවුන්ගේ සිහින මාලිගා හදන්නේ කිසිවෙකුගේත් අවසරයක් ඇතිව නොවෙයි. තමන්ගේ ආදරේ කවදාක හෝ විවාහයකින් ජය ලබනවා තමන්ගේ හිතුමතේට සිහින මැවුවා, පෙරුම් පිරුවා. ඒ ප්රාපර්ථනයත් ලෝකය ඉදිරියේ විනාස වී ගොස් හමාරයි.....!

කාටද රිදුනේ කවුරුද හැඩුවේ
දුම්රිට මොහොතක් නතර වුනේ..
ඔවුන්ගේ එක් වීම නිසා දුකෙන්, අකමැත්තෙන් සිටි අයවලුන්ට දැන් දුක් වීමට හේතුවක් නෑ. ඔවුන් සිතනවා..! සිදු වූයේ දුම්රිය මොහොතක් නැවතීම පමණයි...!

මලක් වගේ රොන් සුවඳ වගේ
ජිවතය සුව අපමන වේ...
දොලක් වගේ දිය දෝත වගේ
ජිවතයේ අම සිසල දැනේ...
තමන්ගේම ලෝකයක් ගැන සිහින මැවූ යුවලට ඔවුන්ගේ ලෝකය තුල කිසිඳු බාධාවක් තිබුනේ නෑ... ඒ ලෝකය තුල ඔවුනට තිබුනේ අප්රනමාන සුවයක්, සිසිලක්..!

වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ.....
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ......
ජීවිතය විටෙක සින්දරයි තවත් විටෙක කටුකයි.. පෙර ඔවුන්ගේ ලෝකයේ සුව විඳි ඔවුන් සමාජය, බැඳීම් හමුවේ බොහෝ සිත් පීඩා වින්දා.. කොතෙකුත් කරදර ආවත් ඒ සැම දෙයකම විඳින්නට කුඩා හෝ සතුටු දායක තැනක් නැතුවාම නොවෙයි.. පෙම් යුවල මේ ලෝකයෙක් නික්මුනත් ඔවුන්ගේ සිත් වල කිසිඳු දුකක් තිබුනේ නෑ.. ඔවුන්ට සතුට කරා යා හැකි එකම මාර්ගය ඔවුන්ගේ නැණ පමණින් ඔවුන්ට තෝරා ගැනීමට අවසානයේ හැකි වුනා...

ඔබ ආයෙමත් ඇවිදින් ගීතයේ කතාව - Story of The Songs




ගීතයට සවන් දෙන රසිකයෙකුට ගීතයේ අර්ථය තේරුම් ගැනීම එතරම්ම අපහසු වන්නේ නෑ. ගීතයට පාදක වී ඇත්තේ සැබෑ අත්දැකීමක් ගුරුවරයෙකුගේ..!

මේ ගුරුවරයා සේවයේ යෙදී සිටියදී ඔහුගේ සිත ඇදී යනවා එක්තරා සිසුවියකට. ඒ වන විටත් කෙසේ හෝ ඔහු විවාහ නොවී සිටියත් ඔහුට පෙම්වතියක් සිටියා.. ඒ කටයුත්තට දෙපාර්ශවයේම ආශිර්වාදයද හිමි වී තිබුනා. ගුරුවරයාගේ සිතේ සිසුවිය කෙරෙහි හටගත් ප්‍රේම අංකුරය ඒකපාර්ශවීය ප්‍රේමයක් වන්නට හේතු වුනෙත් එයමයි... පාසල් අධ්‍යාපනය හමාර කරන සිසුවිය ගුරු වරයාගේ මානයෙන් ඈතට ඉගිලෙනවා. ටික කලෙකට පසුව සිය උසස් අධ්‍යාපන කටයුතු අවසන් කොට ගුරු පත්වීමක් ලබන ඇය සේවයට පැමිණෙන්නේ පෙර කී ගුරුවරයා සේවය කරන පාසලටමයි. පෙර ගුරුවරයාගෙන් ඈත්ව ගිය සිසුවිය නැවත මෙසේ පැමිණෙද්දී ඔහු විවාහකයි..
ගුරුවරයෙක්ම වන ධම්මික බණ්ඩාරයන් අතින් ගීයක් ලෙස ලියවෙන්නේ මේ අත්දැකීමයි. මෙය ඔහුගේම අත්දැකීමක් නොවනවා උනත් පෙර කී ගුරුවරයාගේ සිතුවිලි ඉතා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා...

ඔබ ආයෙමත් ඇවිදින්
හිත හදාගත්තා විතරමයි...
ඔබ ආයෙමත් ඇවිදින්...

උන්නුදා පෙර අතපොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස්‌ තිබුනද කොයිතරම්
නුඹ නොදැන සිටි දිගු කාලයේ
හිත හදාගත්තා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

“ඔබ කෙරේ සිතේ ආදරය අතු උණු පෙර දා නොනිදා ඔබ ගැනම සිතු දින කොපමනනම් තිබුනද..? ඔබ මගේ ජීවිතෙන් ඈත්ව ගිය පසු දුක් වී තවත් පලක් නොමැති නිසා හිතට යාන්තමට ඔබව අමතක කරන්නට හැකි උනා පමණයි. අයෙමත් ඔබ ජීවිතයට ඇවිත්..!!”
ඔහුට ඇය ගැන ඇත්තේ සුන්දර වූ වෛරයක්. පද පේලි අතර සඟවා තිබෙන හැංගීම ගෙන බැලුවහොත් අයගේ පුනරාගමනය පිලිබඳ ඔහුට සතුටක් තිබෙනවා වන්නට පුළුවන්. නමුත් දැන් විවාහක ඔහු අහිංසක සතුටක් විඳින්නේ ඇයගේ පැමිණීම පිලිබඳම නොවෙයි. අතීතය ගැන සිහි කරමින්..

දැස අග මල් පිපී සැලුනත් කොයිතරම්
එක මලක්‌වත් සුවඳ නැතිවිය ඔබ තරම්
නුඹ නොදැක සිටි ඒ කාලයේ
නෙත කඳුළු මැකුණා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්

කෙතරම් කාන්තාවන් දැක තිබුනත්, ඇසුරු කර තිබුනත් ඇය තරම් සුවඳවත්, ගුණවත් කෙනෙක් ඔහුට මෙතෙක් හමු වේ නෑ. ඇය ජීවිතයෙන් ඈත් වීම නිසා ඇති වූ දුක අඩු වූවා පමණයි ඇය අයෙමත් ඔහුගේ මානයට ඇවිදින්..!!

ධම්මික බණ්ඩාරයන් එසේ ගීතය තුලින් එක් සංවර පිරිමි චරිතයක් නිර්මාණය කරනවා. ඔහු ආත්මාර්තකාමී නොවන සමාජයේ බැඳීම්, නීති රීති හා සමීපතමයන් හමුවේ සිය සතුට කැප කරන්නෙක් .!!

Sunday, October 12, 2014

අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා ගීතයේ කතාව -Story Of the Songs




















අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා..
කුමාරියන් වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා..
බදා හිමි දෙවුර එසැවී පුරවර සිරි බලනා..
විලාසයට නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා..

සිංහල සුභාවිත ගීතය කෙරෙහි දායක වුනු ගීත රචකයින් අතලොස්ස අතුරින් පෙරමුණේ පසු වන රත්න ශ්‍රී විජේසිංහයන්ගේ තවත් ඉතා ජනප්‍රිය , අරුත් පූර්ණ ගීයකි “අජානීය ඉස්කූටර්” ගීතය. වත්මන් ප්‍රේමය සියුම් ලෙස විවේචනය කිරීමක් ගීතය තුල දකින්නට ලැබෙයි. ගීතය බිහි වී දශක දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත වුවද තවමත් ගීතයේ පද තුල තිබු කාලෝචිත බවනම් බාල වී නැත.

“අජානීය” යන පදය එතරම් සාමාන්‍ය රසිකයනට හුරු වුවක් නොවෙයි. නමුත් බෞද්ධ සාහිත්‍යය නිරතුරුවම ඇසුරු කරන රත්න ශ්‍රී විජේසිංහයන් හටනම් එය එතරම් නුහුරු නොවන්නට ඇත. අජානීය යනු එක්තරා උසස් අශ්ව කුලයකි. ගීතය තුල ප්‍රධාන චරිත ත්‍රිත්වයක් මැවීමට රචකයා සමත්ව තිබේ. පෙම්වතියක්, පෙම්වතෙක් හා ඔවුන් දෙසට අවධානය යොමු වූ කම් කරුවෙක් වෙයි. පෙම්වතිය පෙම්වතා සමගින් උසස් පැලැන්තියේ යතුරු පැදියකින් පවනට බඳු වේගයෙන් නික්මෙයි. මෙතරම් හදිස්සියේ කොහේ යනුදැයි රචකයා පැනයක් මවයි. පෙම්වතිය, පෙම්වතාගේ දෙඋර බදා ආඩම්බරයෙන් වීදියේ සිරි නරඹයි. ඇය ඉතා උජාරුවෙන් කුමාරි ලීලාවෙන් සිටියත් ඒ ප්‍රේමාන්විත බවෙහි තිබෙන තාවකාලිකත්වය රචකයා සියුම් ලෙස ඉදිරිපත් කරන්නේ “නුඹේ කිරුල බිම වැටෙයිද සිතුනා” යන්නෙනි.

සූ සැට ශිල්පය උගෙනා පාර ගතව ගියෙනා..
පාරෙ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා..
මා ගත ඩා බිඳු හඳුනා සදය සිනා නගනා..
ප්‍රේමවන්ති විලවුන් ගෑ ලේන්සුපට සිඹිනා.....

පෙම් යුවල දෙස බලා හිඳින චරිතය තරමක් උගත් අයෙකි. එය ඔහුම සඳහන් කරයි. ශිල්ප හොදින් ඉගනගෙන ප්‍රඥාවන්ත වූවත් ඔහුට ලැබුනේ කම්කරු වෘත්තියයි. පාරේ වෙහෙසී වැඩ කරන ඔහු දෙස බලා යතුරු පැදියේ යන පෙම්වතිය උපහාසාත්මක සිනහවක් නගා විලවුන් තැවරූ ලේන්සුවකින් මුව වසා ගනී.

සදාකල්ම පෙම්වතුගේ සිහින පුරා පිපෙනා..
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා..
රෑ තුන් යම සුවඳ උලා උදෑසනින් මැකෙනා..
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා..

සදාකාලිකවම පෙම්වතුන්ගේ සිහින තුල පිපෙන මලක් වෙයි. එය ආදරය නමැති උදුම්බරා මලයි. උදුම්බරා මලක් පිපෙන්නේ ඉතා කලාතුරකිනි. පිපි විට ගව් ගණන් සුවඳ විහිදුවයි. සැබෑ ආදරයත් ඒ උදුම්බරා මල ලෙසම වෙයි. වත්මන් ප්‍රේම කතා බොහෝ විට එක රැයකින් අවසන් වන ඒවා වෙයි. ගීතය අවසානයේ රචකයා ප්‍රාර්ථනයක් කරවයි. ඒ සැමදාම සැබෑ ආදරයම සැමදා විකසිත වේවා යන්නයි.

රෑ වැඩ මුරය අවසන්වන කණිසමට ගීතයේ කතාව -Story Of the Songs
















රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අතීත ජන සමාජය තුල පුද්ගල වෘත්තීය දිවිය හා බැඳුනු ජන කවි අප අසා ඇත්තෙමු.. ඔවුන් ඉන් බලාපොරොත්තු වුයේ සිය වෘත්තීය දිවියේ ඇති කටුක කටෝර, දුක්ඛිත ස්වභාවය මදක් හෝ අස්වසා ගැනීමයි. එකල ඔවුහු ස්වයන්පෝෂිත වුහ. යුගයෙන් යුගයට සියලු දෑ අලුත් වෙද්දී ආර්ථිකය සංවර්ධනය කරා ගමන් කරවීමට පාලක පිරිස් උනන්දු විය. විවෘත්ත ආර්ථික ප්‍රතිපත්ති බිහිවිය. රට යම්තාක් දුරකට හෝ සංවර්ධනය වන්නට ඇත. නමුත් ඒ හා බැඳුන නොයෙක් සාමාජීය ගැටළු, පුද්ගල ජීවිතයේ සංවර්ධන ගැටළු විටින් විට අහන්නට දකින්නට ලැබිණි.

බන්දුල නානායක්කාරවසම් ගීත රචකයා මේ ගීතයෙන් සියුම්ව ස්පර්ශ කරන්නේ එවකට දැඩි කතාබහට ලක් වූ සමාජයේ තවත් වෘත්තියකි. ඒ ඇඟලුම් වෘත්තියයි. අපනයන වෙළඳ කලාප වශයෙන් ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි වෙද්දී ඒ හරහා රැකියා දහස් ගණනින් නිර්මාණය විය. ග්‍රාමීය සහ අර්ධ නාගරික දරිද්‍ර තාවය හේතුවෙන්ම නොයෙක් ප්‍රදේශ වලින් ශ්‍රමය මේ බිහි වන රැකියා වෙත ඇදෙන්නට විය. නගරයේ සමාජ විෂමතාවන් ගැන නොදත් ගමේ ගමේ අහිංසක යුවතියන්ද ඔවුන්ට තිබු සිහින කිහිපයක් මල්ලක දමාගෙන නගරයට ආවේ ඉන් කිහිපයක් හෝ සැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවයි. නගරයේ ජීවිතය ඔවුන් සිතූ තරම් සුන්දර නොවූ තැන, නගරයේ ඔවුන්ගේ කියා කිසිවෙකු නොසිටි තැන සිදු වුයේ හමු වූ, කතා කල පමණින් යමෙකුගෙන් පිහිට පැතීමයි. අතිශය ආත්මාර්ථකාමී සමාජයේ ඔවුන් රවටා ඔවුන්ගෙන් සිය වුවමනා සපුරා ගැනීමට පිරිසක් බිහි වන්නේ මෙලෙසයි. ඔවුන් මුහුණ පාන ජීවිතය රචකයා දකින්නේ මෙලෙසයි.

රෑ වැඩ මුරය අවසන්වන කණිසමට
නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට....

රාත්‍රී වැඩ මුරය නිමා කල ඇඟලුම් යුවතිය දැඩි වෙහෙසට පත්වීම නිසාම ඇගේ මුහුණ පර වී ගිය මලක් සේ දිස් වෙයි. කිසිඳු සතුටක් සිනාවක් ඒ තුල නෑ. රෑ වැඩ නිමා වී නවාතැන් බලා යන ඔවුන්ට රාත්‍රිය උදා වෙන්නේ උදෑසනයි. නින්දක් කියා සුළු විවේකයක් හෝ ඔවුන්ට ඇත්තේ උදෑසන පමණකි. එය සැබෑවටම පෙර කල පවක් ගෙවනා සේම දුකකි..

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ..

ඇයට මෙන්ම ඇගේ දෑඟිලි වලටද එක දිගට මැසීම හැරෙන්නට කිසිඳු විවේකයක් නැත. ඇගේ සුන්දරත්වය මැහුම් ශාලාවේ කෘත්‍රිම ආලෝකයටම වියැකී යැයි.. මේ ගෙවී යන්නේ ජීවිතයේ විඳින්නට තියන මල් වයසම නොවේද.. මැෂිමේ ශබ්දයට මුවා වී ඇගේ හදවතේ දුක නිසාම නිරන්තරයෙන්ම හඬයි.. “මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ”.. ගීතයේ පද සියල්ලෙන්ම රසික හදවත එක එල්ලයේම ස්පර්ශයට සමත් එක් පද පේලියකි.

නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ...

ඈ හෙලන කඳුළු සයුරක මහා දිය කන්දට සමයි.. හෙලු සෝ සුසුම් හමන සුළඟට සමයි.. නගරය තුල තමාට තමා පමණක්ම වෙයි. ඇයගේම කියා ඈට පිහිට වන්නට කිසිවෙකුත් නැත. ඇය මැෂිමක් සමග දැඩි වෙහෙස වී මේ සිදු කරන්නේ ඇඳුම් මැසීම පමණක් වුවත් ඒ පිටුපස සැඟවී ඇති ඇගේම ජීවිතයේ, ඇගේ පවුලේ අඩුපාඩු සපුරාලීම ඇගේ එකම අරමුනයි..
"ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ" ගීතය තුල ඇති තවත් විශේෂ පද පේලියකි. නිසැකවම රසික හද කම්පාවට පත්කරවනසුලුය...

ගීතයට ලැබුණු අගයකිරීම් එමටය.., සංගීතවත් කල රෝහණ වීරසිංහයන්ට ගායනා කල සුනිල් එදිරිසින්හයන්ට වාගේම රචක බන්දුල නානායක්කාරවසම් මහාතාටත්..! නමුත් මෙවැනි විශ්මය ජනකප්‍රතිභාවක් විදහා පාන පරිසමාප්ත කළා නිර්මාණයකට කොතෙකුත් අගය කිරීම් ලැබුනද එයින් සෑහීමකට පත් වීමට බුද්ධිමත් රසිකයෙකුටනම් කිසි සේත් නොහැකිය..

Saturday, October 11, 2014

සෙනෙහසකට අරුතක් ගීතයේ කතාව -Story Of the Songs


















සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී....

ආදර වන්තයින් ලෙස එක් වන්නට වරම් නොලද මුත් සිය ප්‍රේමය වෙනුවෙන් මිනිසෙකුට කල නොහැකි දේ පවා සිදු කල පෙම්වතෙකු මෙම ගීය තුල ජීවත් වෙයි. එයට හේතුව වන්නේ සෙනෙහසේ සීමාවක් මායිමක් නොමැති බවට ඔහු දැඩිව විශ්වාස කිරීමයි.. ගීත රචකයා එය මනරම් ලෙස සංකේතාත්මකව ඉදිරිපත් කරයි. එසේ ඉමක් නොමැති සෙනෙහස අද මෙසේ දෙතැනක තනි වී ඇත්තේ කුමන අයුරේ හේතුවක් නිසා දැයි ඔහුටම සිතා ගත නොහැක..

කැකුළක් සිඳුනෙන් හදවත පිපුණු
කඳුළෙන් කටු මත විෂ තිබුණා
බිඳුණොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා..

හදවතෙහි ඉපදුනු මල් කකුලක් බඳු ප්‍රේමය පිපෙන්නට පෙරම සිදී ගිය නිසාවෙන් ශේෂ වූ විෂ කටු නිසා උරුම වූයේ කඳුලම පමණයි. බිඳුණු බැඳුනක් යලි පිළියම් කලද එහි කැළැල් ඉතිරි වන්නාක් සේ මේ ප්‍රේමයද යලි වෙන් වන්නට සිතන්නට පවා නොහැකි දුරක් ගෙවා ගොස් හමාරයි.

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා..

පෙම්වතා හැකි සැම විටදීම ඔවුන්ගේම ලෝකයක් දකින්නට පෙම්වතියට අරාධනා කලත් ඇයට කිසිසේත් එය පිළිගැනීමට හැකි ශක්තියක් ලැබුනේද නැත. කිසිවක් කර ගත නොහැකි තැන උරුම වූ දුක සිතේ දරාගත් පෙම්වතාට සිය වෙන් වීම පෙර ආත්මයක කල පවකට සිදු වූයේ යැයි සිතනවා හැරෙන්නට අන් මගක් නොවෙයි.

විරහවක් නිසාවෙන් පෙම් කල සිතකට ඇති වන්නට හැකි අසරණ කම එතරම් සරල නොවූවද, සරල පද පේලි කිහිපයකට එකී සංකීර්ණත්වය ගොනු කරලීමට ප්‍රනීත් අබේසුන්දරයන් තුල වූ ප්‍රතිභා පූර්ණ බව නම් අගය කල යුතුමය. එමෙන්ම සම්ප්‍රදායික සංගීත රාමුවෙන් මිදුන හැගීම් ප්‍රනකාශනයක් සංගීතඥ මහින්ද බණ්ඩාරයන් විසින් ගීතයට ලබා දී ඇත. ගීතයේ සාර්ථකත්වය, ජනප්‍රියත්වය උදෙසා අසංක ප්‍රියමන්ත ශිල්පියාගේ හඬ තුල පැවති හඬ වර්ණයද හේතුවක් වූ බව නොඅනුමානය...

සක්මන් කරන මළුව පාළුයි දේවී ගීතයේ කතාව -Story Of the Songs

















සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පය පැකිළේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...

සෑම සංස්කෘතියකටම පාහේ සාහිත්‍යමය අතීත ප්‍රේම වෘතාන්ත්‍ර පෙර අපරදිග භේදයකින් තොරව තිබෙනු දැක ගත හැකි වන්නකි. එවන් ඓතිහාසික වෘතාන්ත්‍ර කීපයක් ලංකේය ජන සාහිත්‍ය තුල ඇති අතරම දස්කොන් ප්‍රමිලා වෘතාන්ත්‍රයට ඉන් සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. දස්කොන් ගේ සැබෑ නාමය “පේදෲස් ගැස්කන්” වන අතර, මොහු දෙවැනි රාජසිංහ රජ සමයේ ලංකාවට ආ ප්‍රංශ නැවියෙකුට හා උඩරටට සංක්‍රමණය වී සිටි පෘතුගීසි කාන්තාවකට දාව උපන් බව කියවේ. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ කුමරු එනම් දෙවැනි රාජසිංහ රජුගේ පුතනුවන් හා බොහෝ කල් පවතී මිත්‍රත්වය ඔහුගේ රජ වීමත් සමග දස්කොන්ට රජ වාසලේ අධිකාරම් තනතුර ලැබීමට හේතු විය. එවක රජ බිසව වී සිටියේ ප්‍රමිලා නම් දකුණු ඉන්දීය සම්භවයක් ඇති කුමරියකි. කවිකම්, සංගීතයට බෙහෙවින් දස්කොන් මෙන් ම ඇයද ඉතා ඇලුම් කොට ඇති බව සඳහන් වේ. මේ ප්‍රේමයට හේතු සාදක වන්නට ඇත්තේද එයමයි. පසු කලෙක රජුට මේ ප්‍රේමය පිලිබඳ සැල වීමත් සමගම දස්කොන් ගේ හිස ගසා දමන්නට එනකොට ඇති බව කියවේ. ප්‍රේම වෘතාන්ත්‍රයේ අවසානය සනිටුහන් වන්නේ එලෙසින්.

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරයි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පය පැකිළේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී...

දස්කොන් - ප්‍රමිලා පෙම බිහි වන්නේ සක්මන් මලුවේදිය. මළුවේ දස්කොන් තනි වී ඇත. ප්‍රමිලාට යලි එහි ඒමට ද අවසර නොමැත. සිය පෙම්වතා මරණය වෙත ලඟා වෙන බව දැනුන ප්‍රමිලා බිසව තවමත් දැඩිව ආදරය කරන දස්කොන්ට දඬුවම් නොලැබෙන්නට යැයි ප්‍රාර්ථනා කරයි.

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ
රන්තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ...

රාජ්‍යත්වය, බලය හමුවේ දස්කොන් - ප්‍රමිලා යුවලට කිසි දිනෙක එක වීමට නොහැකි වන බව ඔවුන් දැන සිටියි. ඔවුන්ගේ හමු වීමට සුදුසුව ඇති එකම කාලය රාත්‍රියයි. එවන් රැයක ප්‍රමිලා ළඟ දස්කොන් හිඳින්නේ අත්තන මලක්වයි. අත්තන මල විෂ සහිත මලකි. එලෙස රත්න ශ්‍රී විජේසින්හයක් සංකේතාත්මකව ගෙන හැර දක්වන්නේ මෙකී ප්‍රේමයේ පවතින අවධානම් සහිත බවයි. වාසල මිනිබැඳි දොර අරින වෙලාවේ දෑසින් වැටෙන කඳුළු මට සිහිනොවුනේ ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ මා තනිකරන්නෙපා මතු සංසාරේ ප්‍රමිලා දේවියගේ පහස පතා පැමිණෙද්දී මෙකී ප්‍රේමයේ ඇති අවධානම, ඔවුනට අත්විය හැකි ඉරණම ගැන දස්කොන් හට සිහි නොවිණි. මේ ආදරය මේ ආත්මයේ එක නොවුනද දේවියගේ සිත තුල ඔහු කෙරේ ඇති දැඩි ලෙන්ගතුකම නිසාම මතු ආත්මයේ දස්කොන් හා එක වන්නට ඈ පෙරුම් පුරයි.

දස්කොන් - ප්‍රමිලා පෙම් කතාව අලලා බිහි වූ කළා කෘතීන්ද එමටය. ලංකේය ගීත සාහිත්‍යය ගත්තද මෙකී ප්‍රේම කතාව පාදක කොට ගත් ගීත කීපයක්ම හමු වෙයි. “සක්මන් කරන මළුව පාළුයි දේවී” ඉහත ගීතය එවන්ම ගීතයකි. ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි. මෙකී ප්‍රේම කතාවේ අවසානය එතරම් සුභවාදී නොවන එකකි. එකී විරහව, දුක්මුසු අවසානය වඩාත් දැනෙන අයුරින් සංගීත නිර්මාණ කටයුත්ත සිදු කර ඇත්තේ ගුණදාස කපුගේ ශූරීන් විසින් වන අතර ගායනයට දායක වී ඇති කරුණාරත්න දිවුල්ගනේ මහතා සහ සමිතා මුදුන්කොටුව මහත්මිය ඉතාමත් ප්‍රතිභා පූර්ණ ගායන ශිල්පීන් දෙදෙනෙක් වන බවද නොරහසකි.

Friday, October 10, 2014

රන් කෙන්දන් බැඳ ගීතයේ කතාව -Story Of the Songs

















රන් කෙන්දන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි...
පෙම් රැහැනෙන් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.....

ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක් මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.

රන් කෙන්දන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි.......
ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි. එය යෝජිත විවාහයක් වන්නට හැකියි. එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි. දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්. මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා. ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්‍රේමයෙන් බැඳුනා. විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට.
ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..! කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..?

කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ....
සම්මතය තුල එක වරක ප්‍රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි. එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි. එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්. ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි. සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා. දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි. රාත්‍රියේ එය භාර වන්නේ සඳුටයි. එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද... එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි. එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්.

කණාටු සුළඟේ දුහුළු මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ.....
සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා. පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි.. නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව. නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්..

ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි. ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්‍රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ. ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්‍යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..

තනි තරුවේ ගීතයේ කතාව -Story Of the Songs



















තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න..
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන් සහ හඬින් මෙන්ම ප්‍රේමකීර්ති මහතාගේ පද රචනයෙන් හැඩ ගැන්වෙන තවත් එක ගීතයකි.. ඔවුන් දෙපලගේ මිතුදම නිසාම ඉඩ ලැබෙන තැන කොතැනකට වී හෝ සාතුටු සාමීචියේ යෙදීමට පුරුදුව සිටියහ. එසේ එක් පැහැදිලි අහස ඇති දිනෙක වික්ටර් රත්නායකයන් සමග මුහුදු වෙරළේ වැතිරී සිටි ප්‍රේමකීර්ති මහතා හුදෙකලාව රස විඳිමින් “තනි තරුවේ” යි කියා තරුවක් ආමන්ත්‍රණය කළේය. ඒ වචනයම පමණක් තවත් ගීයකට නිමිත්ත කොට ගැනීමට රිසි වූ වික්ටර් රත්නායකයන්ගේ ආරාධනය මතින් ප්‍රේමකීර්ති මහතා පසුව අර්ථාන්විත ගීතයක් මෙසේ රචනා කරයි...

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා....
තරුව ලෙස අමතන්නේ තරුණයෙක් සිය පෙම්වතියටය. ඇය හා එක වීම ඔහුට සැපතකි එනමුත් එයම ඇයට දුකකි. පෙම්වතා පෙම්වතියගෙන් සියලු ආයාචනා කරන්නේ ද්වේශයෙන් නොව. ඇය තරුවක්නම් ඔහුගෙන් නික්ම යන්නේ වෙනත් ලෝකයක් එලිය කරන්නටද විය හැක.. ඇගේ සතුට ඔහුගෙන් ඉවත් වීම නම් ඊට පෙම්වතා විරුද්ධ වන්නේද නැත. ඔබට අවැසි තැනක ඔබ යන්නයි කීම වෙනුවට ඔහු යදින්නේ ඔහුට පෙනෙන මානයේවත් සිටින ලෙසයි.. ඒ අන් කිසිවක් නිසාවෙන් නොව ඔහු සමග සිටීම නිසාවෙන් ඇය විඳින දුක් ඔහුට වැටහෙන බැවින් වෙන්ව ගොස් හෝ ඇගේ සතුට ඇයට ලැබෙන නිසාවෙන්ය..

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....
නෙතට නෙත මුවට මුව බැඳෙමින් ඉතා සමීපව මේ වනතෙක් එක්ව සිටි මුත්ඉදිරියටත් එසේ තරුව සිය සන්තකයේ නොමැති බව තරුවට ආදරය කරන්නා පවසනවා..

මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ......
මා හා එක්ව හිදීම තවත් දුකක් නිසාම මා ඇත හැර මගෙන් ඉවතට ඉගිල ගොස් සැනසීම සොයන තනි තරුවේ.. ..පෙම් කරන තරුව ඔහු වෙතින් නික්මෙන්නට හේතුව ඔහුම බව ඔහු වටහා ගන්නවා..
අහම්බෙන් සිය මුවට පැමිණි වදනක් නිමිති කොට ගනිමින් ප්‍රේමකීර්ති මහතාගේ අනෙකුත් ගීත වල මෙන්ම ඉතා ගැඹුරු හැගීම් සමුදායක් සරලව ඉදිරිපත් කිරීමට මෙහිදීද ඔහු සමත් වී ඇත.


Thursday, October 9, 2014

සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ ගීතයේ කතාව -Story of The Songs
















සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ..

යහනක් සිරි යහනක් වන්නේ එහි තිබෙන්නාවූ වටිනාකම අනුවය. එය මුදල්මය වටිනාකමක්ම නොවෙයි. පුද්ගලයෙකුට තිබෙන අගනාම යහන ඔහුගේ සිරි යහනයි. හොදම ආහාරය රජ බොජුනයි. පැල්පත පවා ඔහුගේ මාලිගයයි. ගීතය තුල ලූෂන් බුලත්සිංහලයන් විසින් මවන චරිතය හටද ඇත්තේ සිරි යහනකි. නමුත් එය ලනු ඉහිරුන අබලන් ලනු ඇඳකි. එයද ඔහුට සිරි යහනක් වීමෙන් හැඟෙන්නේ මේ චරිතය තුල තිබෙන දරිද්‍රතාවයි.එක
රාත්‍රියක ලනු ඉහිරුණු සිරි යහන මතට වී ඔහු යමක් සිතමින් සුසුම් හෙලයි. සිරි යහනේ වියන බඳින්නේ මකුළුවන් විසිනි. ස්ත්‍රියක් නිවස තුල වාසය කලේනම් මකුළුවන්ට වියන් බැඳීමට කිසිඳු ඉඩ හසරක් නොමැත..එයින් අදහස් වන්නේ මෙම චරිතයේ තනිකඩ බවයි. ඔහුගේ නෙත ගැටෙන වහලයේ යට ලීයෙන් නාරි ලතා මල් පූදිනවා ඔහුට දිස් වෙයි. සරලවම කියතොත් මේ ගීතය තුල ලූෂන් බුලත්සිංහලයන් නිර්මාණය කර ඇත්තේ දරිද්‍රතාවයෙන් පීඩා විඳින තනිකඩ පුරුෂයෙකි. රාත්‍රියක ඔහු සිය අබලන් යහනට වී ස්ත්‍රියකගෙන් තොර වූ සිය අතෘප්තිකර ජීවිතය ගැන දුක් වෙයි.

සඳෙන් සඳට මුවා වෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කදුළු බිංදු
පැදුරට මුහුවෙලා හොරෙන්....
දිනෙන් දින මසෙන් මස ඔහුටත් නොදැනීම විවාහප්ප්‍රාප්ත වන වයසත් ගෙවී ගොසිනි. “නෙතට නුහුරු කදුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්” මේ යෙදුමෙන් රචකයා අදහස් කොට ඇත්තේ මනුෂ්‍යයෙකු ලෙස ඔහු සතු ආශාවන් සංසිඳුවා ගත නොහැකි වූ කල්හි ඔහුටත් නොදැනීම එම සියලු ආශාවන් ඔහු කෙරෙන් නික්ම යන බවයි. එමෙන්ම එම පද පේලි තුල සියුම් ව්‍යන්ගයක්ද රචක ලූෂන් බුලත්සිංහලයන් මවයි.

යහන තලා සැප විඳිනා
පල දී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්.....
යහනේ වැතිරී විඳින්නට සැපක් ඔහු හට නොමැත්තේ ඔහු තනිකඩයෙක් බැවිනි. ස්ත්‍රී ඇසුර නොලැබීමට පෙර පිං මහිම අඩු වූවාද යැයි සිත ඔහු කම්පාවට පත් වෙයි. “මාල වළලු නොතිත් අයට” මාල වළලු වලින් පමණක් සැහීමකට පත් නොවන අය ලෙස සම කොට ඇත්තේ තරුණ ස්ත්‍රීන් වෙයි. ඔවුන්ටද ඔහුව ගැන කිසිඳු තැකීමක් නොකරන ගානයි.

අර්ථ පූර්ණ ගීතයක් ලෙස ඉමහත් රසික ආදරය දිනා ගැනීමේ හේතුව නිසාම තනිකඩ පුද්ගලයෙකුට උපහාසාත්මකවද මෙම ගීතය යොදා ගැනෙනු එදිනෙදා ජීවිතයේදී අප දැක ඇත්තෙමු. කෙසේ නමුත් තනිකඩ ජීවිතයක තිබෙන අතෘප්තිකර බව සියුම් ලෙස විග්‍රහ කිරීමට ඇති දක්ෂ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන් මෙම ගීතයේදී සමත්කම් දක්වා ඇත.

Wednesday, October 8, 2014

Fiverr රහස් ක්‍රම



සාර්ථක ගිග් එක Fiverr විකුනුම් වල හදවතයි
ඔයා හදන ගිග් එක ඔයාට මාසෙකට $150-$200 ක් උපයලා දෙන ගිග් එක වෙන්න පුළුවන්.ඒ නිසා ගිග් එකක් හදන කොට ටිකක් හිතලා සුපිරි ලේබලෙන් තියන්න පුළුවන් ගිග් එකක් හදන්න.තමන් කරන්න හිතන් ඉන්න ජාතියේ රේට් තියන ගිග් එකක් අරගෙන ඒකේ සේරම කොපි කරගෙන ගූගල් එකෙන් සයිස් එකවත් ෆිට් වෙන්නේ නැති පික්චර් එකක් අරගෙන විනාඩි 5න් ගිග් එක හදනවට වඩා පැය බාගයක් එහෙමත් නැත්නම් විනාඩි 45 ක් පැයක් අරගෙන ඔයා ගිග් එක හැදුවත් පාඩු නෑ ඒ ගිග් එක Fiverr පිලිගන්න සුපිරි ලේබලෙන් තියනවනම්.Fiverr යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා සාර්ථක ගිග් එකකින්.සුපිරි ගිග් එකක් හදන හැටි දැනගන්න මේ පෝස්ට් එක බලන්න.



Description එක වචන ටිකක් විතරද?
සමහර විට ගිග් වල stats පෙන්වන තැන clicks වැඩි ප්‍රමාණයක් තිබිලත් ඕඩර් අඩුගානක් එන බව දකින්න පුළුවන් වෙයි.අන්න එතනින් ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ ගිග් එක පැහැදිලි කිරීම එහෙමත් නැත්නම් gig description එක දුර්වලයි කියන එක.ඔයාගේ ගිග් එකට ලැබිලා තියන ක්ලික් එක කියන්නේ ගොඩක් වටින දෙයක්.යම් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ගිග් එකේ මාතෘකාවයි ගිග් බැනර් එකයි වීඩියෝ එකයි දැකලා ගිග් එක විසිට් කරනවා.ඒත් description එක දැක්කහම ආපහු හැරෙනවා.
ඒ නිසා අපි අපේ ගිග් එක ගැන විස්තර කරන්න ඕනේ ඒක කියවන කෙනෙක්ට බයි කරන්න හිතෙන විදිහට.මුලින් ම හිතන්න ඕනේ අපි සෙලර් විදිහට නෙවේ බයර් විදිහට.ඒ කියන්නේ අපි ඕඩර් එකක් දාන්න හිතාගෙන යනවා කියන එක ඔලුවේ තියාගෙන description එක දාන්න ඕනේ.කොටින්ම short & sweet.පත හෑලි දානවට වඩා කියන්න ඕනේ දේ කෙටියෙන් පැහැදිලිව කියන්න.ඒ අතරතුරට අනිවාර්යෙන් ඇතුලත් වෙන්න ඕනේ ටිකක් තියනවා.

බයර් ඔයාගේ ඩිලිවර් එක ගැන 100% satisfy වෙනකල් රිවිෂන් කරනවා කියන එක
ඔයාගේ ගිග් එකෙන් කරනව කියල තියන දේට ඔයා තමයි ෆයිවර් වල දක්ෂම කෙනා කියන එක
පණිවිඩ වලට ඉක්මන් ප්‍රතිචාර දක්වනවා සහ ඉක්මනින් ඩිලිවර් කරනවා කියන එක
ඔයාගේ ගිග් එක ඔඩර් කිරීමෙන් බයර්ට ලැබෙන වාසි
ඔය ටික හරියට දාලා හොඳ කඩ්ඩෙන් description එක ලියන්න.කොටින්ම දිල හෑලි වල අනවශ්‍ය දේවල් දාන්න එපා.කවුරු හරි ඔයාගේ description බලන කෙනෙක් එන්නේ ඕඩර් එකක් දාන අදහසින්.සමහර වෙලාවට එයාට ඒක ඉක්මනට කරගන්න ඕනේ.එයාට ඕන දේ ඔයාගේ description එකේ තිබුනොත් අනිවාර්යෙන් ඕඩර් කරනවා ගිග් එක.
තවත් දෙයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ අවසානෙට
Thank You
Your Name

දාන්න.Your Name කියන තැනට ඔයා එකවුන්ට් එකෙන් පෙනී හිටින නම දාන්න.මේ කියන්නේ ඔයාගේ යූසර් නේම් එක නෙවේ.යූස් විදිහට එකවුන්ට් එක හැදුවනම් ඒකට හරියන නමකින් පෙනී හිටින්න.(john,Philips,Niroshan) අර විදිහට ඔයාගේ නම දැම්මට පස්සේ බයර්ස්ලට ඔයාව contact කරගද්දි ලේසියි.

Positive Feedback වලින් ඕඩර් ගොඩ දාන්න

සාමාන්‍යයෙන් පොසිටිව් ෆීඩ්බැක් වලින් වෙන්නේ අපේ ගිග් එකේ එකවුන්ට් එකේ රේටින් හැදෙන එක.ඒක අපි කරන දෙයක් නෙවෙයි ෆයිවර් වලින් ඔටෝමැටිකලි කරන දෙයක්.ඒත් මේ පොසිටිව් ෆීඩ්බැක් වලින් අපිටත් වැඩ ගන්න පුළුවන්.පොසිටිව් ෆීඩ්බැක් වර්ග කීපයක් තියනවා.
Thumbs Up,Good work,Thanks,Great වගේ ඒවා එච්චර වටින ෆීඩ්බැක් නෙවෙයි.මම මට වැටුන වටිනාකමින් වැඩි ෆීඩ්බැක් ටිකක් දාන්නම්.

I requested graphic design assistance from this artist after another artist did not complete the work. This artist, completed the request in a very timely manner and made a change that I requested in less than 5 minutes! AMAZING! Thank You!!!!

This is one of the best gigs on Fiverr. They will go the extra mile to make sure you are fully satisfied with their service.Many thanks again SJ

Awesome! thank you so much! Excellent work and super fast turn around! Will definitely be saving this one and using again!

ඔන්න ඔය ජාතියේ ෆීඩ්බැක් එකක් බයර්ගෙන් ගන්න ට්‍රයි කරන්න හැමවෙලාවෙම.සාමාන්‍යයෙන් කවුරු හරි ඔයාගේ ගිග් එකේ description එක බලලා ඕඩර් කරන්න කලින් බලන දේ තමයි අඩුපාඩු මොනවද කියන එක.ඒ කියන්නේ නෙගටිව් මොනාද කියන එක.ඒ අස්සේ අපි අපිට බයර්ලා දාලා තියෙන වටිනා කමෙන්ට් ටිකක් පෙන්වන්න ඕනේ.ඒක කරන්න ඕනේ මෙහෙමයි ගිග් එකට යටින් පොසිටිව් ෆීඩ්බැක් තිබුනට සමහර විට ඒවා වැඩිවෙන්න වැඩි වෙන්න වටින ෆීඩ්බැක් ලිස්ට් එකේ පහලට ගිහින් අර මම කලින් කිව්ව ජාතියේ ඒවා උඩට එනවා.ඒ නිසා මුලින්ම හොඳ ෆීඩ්බැක් ටිකක් තෝරගන්න(4 ක් විතර).එහෙම තෝරගද්දි ඔයාගේ සර්විස් එක ඉක්මන්,ආයේ බයි කරනවා,හොඳ සේවවාක්,බයර් සතුටු වෙනකල් මොඩිෆිකේෂන් කරලා දුන්නා වගේ ඒවා තියෙන ඒවා ගන්න.ඊට පස්සේ description එකේ පහලින්ම Customer Reviews කියලා බයර්ගේ නමත් එක්ක අර ෆීඩ්බැක් එක දාන්න.ඒ දාද්දි බයර්ගේ නම් ටිකක් ලොකුවට දාන්න.මේ දේ කරන කොට ඔයාගේ දවසගානේ ඕඩර් එන ගිග් වලට කරන්න එපා මොකද ගිග් එඩිට් කරන කොට සමහර වෙලාවට ලිස්ට් වලින් අයින් වෙනවා.හොඳට පොසිටිව් ෆීඩ්බැක් තියනවනම් ඕඩර් එන්නේ නැති ඒවට මේ විදිහට කරන්න.

Gig Extra වලින් වැඩ ගන්න
ගොඩක් අය ගිග් එක හදද්දි extra වලින් වැඩ ගන්නේ නෑ හරියට.ෆයිවර් එන ගොඩක් සුද්දෝ එන්නේ ලාබෙට වැඩ කරවගන්න.ඒ නිසා ගිග් extra දාද්දි මේ ගැන හිතන්න.

ඩිස්කවුන්ට් දෙන්න.ඒ කියන්නේ අපි කරන්නේ ලොගෝ නම් extra වලින් $10කට ලොගෝ දෙකක් නෙවේ 3ක් හදනවා කියලා දාන්න.
ගිග් එකට අදාල අනිත් ගිග් ඒ ගිග් එකේම විකුනන්න.කියපු එක තේරුනාද දන්නේ නෑ.ඒ කියන්නේ ඔයාගේ එක ගිග් එකකින් extra වලින් තව ගිග් එකක් සෙල් කරන්න.ෆේස්බුක් ලයික් නම් දෙන්නේ ඒවගේ බයර්කෙනෙක්ට හරියන වෙනත් ඔයාට කරන්න පුළුවන් දෙයක් ඒ ගිග් එකේම extra වල දාන්න.
ඩිලිවර් කරන වෙලාව ගැන හිතන්න
ඕඩර් එකක් ආවට පස්සේ පුළුවන් තරම් ඉක්මනට ඩිලිවර් කරන්න.24 hours express delivery ලේබලෙන් තියාගන්න පුළුවන් නම් ඒ ගිග් එකට සට සට ගාලා ඕඩර් එයි.පුළුවන් තරම් ලේට් නොවී තියාගන්න ට්‍රයි කරන්න.මොකද ලේට් ඩිලිවරි ගිග් එකේ රේට් අඩුවෙන්න බලපාන බව ෆයිවර් කට්ටිය කියලා තියනවා.අනිත් දේ තමයි ගොඩක් අය දන්නේ නෑ මේ ලේට් ඩිලිවරි අපේ ගිග් එකට වැටෙක Days On Average කියන එකට බලපානවා කියන දේ.ඒ කියන්නේ අපි දවසකින් ඩිලිවර් කරනවා කියලා තිබිලා ඕඩර් කීපයක් ලේට් උනොත් පැය විසිහතරට වඩා වැඩියෙන් අරක 2 Days On Average කියලා ඔටෝමැටිකලි වෙනස් වෙනවා.ඊට පස්සේ ඕක අපිට එඩ්ට් කරන්න බෑ.එක දිගට පැය 24 කලින් ඩිලිවර් කරොත් ආයේ දවසකට වෙනස් කරගන්න පුළුවන්.එහෙම දවස් දෙකකට වෙනස් උනාට පස්සේ මතක තියාගන්න දවසින් වාඩ කරගන්න ඕනේ අය අපේ ගිග් එක ඕඩර් කරන්නේ නෑ.ඒකට කරන්න තියෙන්නේ title එක දාද්දි ඒකේ අවසානෙට deliver less than in 24 hours දිග වැඩි නම් less than in 24 hrs විදිහට දාන එක.

strong positive feedback හැම බයර්ගෙන්ම ගන්න

"උපුටා ගැනීමකි"



Tuesday, October 7, 2014

සමනළයා මල හා ළමයා සේ ගීතයේ කතාව - Story of The Songs.

















සමනළයා මල හා ළමයා සේ.....

ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ්
වෙලා තිබෙනවා...

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ..

සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..
සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...

සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා.....

තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ....

තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...

ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!

Monday, October 6, 2014

PHP Mobile Detector




ඕගොල්ලො ෆේස්බුක් එකට මොබයිල් ෆෝන් එකෙන් යද්දි අපිව යන්නෙ ෆේස්බුක් එකේ මොබයිල් වර්ශන් එකට නේ.අන්න ඒ වගේ ඔයාලගේ සයිට් එකටත් මොබයිල් එකෙන් විසිට් කරද්දි ඕගොල්ලො හදලා තියෙන සයිට් එකේ මොබයිල් වර්ශන් එකට යවන්න මේක උදව් කරගන්න පුලුවන්.








මුලින්ම මේක Download කරගන්න.


දැන් ඔගොලන්ට අදාල ෆයිල් එකට මේක කරාම යූස් කරන්න පුලුවන් පහසුවෙන්.

<?php
include 'mobile.php';

?>


ඕනෑම Mobile එකක් Detect කරගැනීම හා Redirect කිරීම.

<?php
include 'mobile.php';

$mobile = new Mobile();

if ($mobile->isMobile) {
header("Location: m.yoursite.com");
}

?>



Android Mobile එකක් Detect කරගැනීම හා Redirect කිරීම.

<?php
include 'mobile.php';

$mobile = new Mobile();

if ($mobile->isAndroid) {
header("Location: android.yoursite.com");
}

?>



IPhone එකක් Detect කරගැනීම හා Redirect කිරීම.

<?php
include 'mobile.php';

$mobile = new Mobile();

if ($mobile->isIphone) {
header("Location: iphone.yoursite.com");
}

?>


මීට අමතරව පහත දෑ හදුනාගත හැක.

Blackberry = isBlackberry;
Ipod = isIpod;
Ipad = isIpad;
Opera Mini = isOperaMini;
Palm = isPalm;
Windows = isWindows;
Other = isOther;



Android සහ අනෙකුත් ඕනෑම Mobile එකක් සමග භාවිතා කරන අයුරු.(මෙහිදී Android නම් එක් ලිපිනයකටත්, එසේ නොවන ඕනෑම අනෙක් Mobiles සදහා වෙනත් ලිපිනයකට යාමදි සිදු කරයි.)

<?php
include 'mobile.php';

$mobile = new Mobile();

if ($mobile->isAndroid) {
header("Location: android.yoursite.com");
} elseif ($mobile->isMobile) {
header("Location: m.yoursite.com");
}

?>



This can be used for any mobile virsion like this. 

උලලේනෝ ගීත‍යේ කතාව - Story of The Songs


















“ පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ.. ”

විරහව විඳින පෙම්වතෙකුට, තනිකම විඳින තනිකඩයෙකුට ගුණදාස කපුගේ ශූරීන් ගයන මේ ගීය තරම් වටිනා යමක් නොමැති තරම්ය. කෙසේ වෙතත් ගීත රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ගීතයට පාදක කොටගෙන ඇති වස්තුබීජය “ප්‍රේමය” මාතෘකාවෙන් තරමක් ඔබ්බට යන්නකි..
එක්දහස් නවසිය හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ල තුලින් ඊට දායක වූවෙකු එයින් ලබන පරාජයත් සමග කැලයේ සැඟවී සිටිද්දී ඔහුට දැනෙන තනිකම, සගයන්ගෙන් ඈත් වීම තුලින් ඇති වූ දුක මේ ගීතය රචනා කිරීමෙහිලා රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ට හේතු වී ඇත..
උලලේනා, උලමා හා බැඳුනු විවිධ කතාන්දර හා මතයන් ගැමි සමාජය තුල පැවතිනි.සමස්තයක
් ලෙස සලකද්දී උලලේනා කෙරෙහි සමාජය තුලින් ජනිත වන්නේ එතරම් සුභවාදී ආකල්පනම් නොවෙයි. උල ලේනෙක් හැඩීම ගමක ආසන්න මරණ සතක් සිදුවීමට හේතුවක් බවද ඇතැම් කතා තුල ඇතුලත්.
කෙසේ වෙතත් “උලලේනෝ” පදය භාවිතා කිරීම තුලින් ගීතය තුලින් දනවන්නට උත්සහ කරන පාළුව, දුක ,අසුභවාදී බව දෙගුණ තෙගුණ වී තිබෙනවා.

පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..
කිසිවෙකුත් නොමැතිව තනිව වනයේ දිවි ගෙවන ඔහුට මෙන්ම අනිත් සගයින්ටත් මේ උදා වී ඇත්තේ ඉතා නරක කාලයක්.. උලලේනාගේ හඬේ ඇති දුක්කිත බව නිසා අ තනිකම තවත් තීව්ර වන හෙයින් ඔහු උලලෙනාගෙන් අසරණව යදින්නේ හැඳීම නවත්වන ලෙස..

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ...
ඔහු මේ ගෙවන්නේ සැප පහසු කාලයක් නොවෙයි. සීත සුළං හිරිකඩයි යනුවෙන් රචකයා අදහස් කර ඇත්තේ ඔහු සිටින අපහසු තාවයයි.. වනයේ ජීවත් වෙන ඔහු උලලේනා හට පවසනවා උලලේනාට පිහාටු පමණක් තිබෙන්නක්මෙන් ඔහුටද ඉතිරිව ඇත්තේ අටවා ගත් පැල්පත පමණක් බව.
ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ....

සිදු වූ සියල්ල සිදු වී හමාරයි දැන් තව දුරටත් හඬා පලක් නොවෙයි. තමා අවබෝධ කර ගත් දුක ඔහු උලලේනාටද කියා දෙයි.
සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..

කැරැල්ල අසාර්ථක වී සිය සගයින්ද දිවි පුදා හමාරය. නමුත් ඔහු තවම සිය විමුක්තිය අත් හැර පරාජය භාර ගැනීමට සුදානම් නොමැත. එවැනි අරගලයකදී වියෝගයන් ඇතිවන බව ඔහු නොදැන සිටියා නොවේ.. මේ දුක් සියල්ල අවසන් වෙන්නේ කෙසේ හෝ ඔවුන් ඔවුනට අවැසි ලෝකය ලබා ගත් දැක්ම පමණි.. ඔහු තමන්ට සිටින එකම මිත්‍රයා උලලෙනාට පවසයි..

ගීතය එසේ අවසන් වත්ම තවත් පැනයක් සිතේ පවතියි.. ඒ “උලලේනා” යනුවෙන් මෙම ගීතයේ හඳුන්වා ඇත්තේ දුක් විඳින, අසරණව තම දුක කියා ගැනීමට නොහැකිව හඬන සමස්ත ජනතාවදෝ..කියායි..
ගීතයේ ප්‍රස්තුතය එසේ වෙද්දී ගීතය රස විඳින ශ්‍රාවකයින්ට ඔවුනොවුන්ගේ ජීවිත වලට, මාතෘකා වලට ගීතය ඈඳා ගැනීමට සම්පූර්ණ ඉඩ හසර රචක රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඉතා විශිෂ්ට ලෙස ලබා දී ඇත..

සඳ කැන් වැසිලා ගීත‍යේ කතාව - Story of The Songs


















සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..

ගීතයේ ප්‍රස්තුතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් තුලින් උපන්නක් බවට විවිධ මතිමතාන්තර රැසක් පැවතුනද ඒ සියල්ලේම සත්‍ය අසත්‍යතාව විග්‍රහ කිරීමට වඩා එවැනි අත්දැකීමක් තුලින් මිනිසෙකුට ලැබෙන වේදනාව හා ඒ හා බැඳුන මිනිස් සිතිවිලි සමුදාය ගේය පද රචනයක් ලෙස සිතුවම් කිරීමට රචකයා වන ප්‍රේමකීර්ති මහතා තුල තිබු ප්‍රතිභාව අගය කිරීම වඩා අගනා කරුණකි.....
දින, සති, මාස, වසර ගණනක් ප්‍රේමයෙන් බැඳී සිටියද පෘථඃජන මිනිස් ස්වභාවය වන ආශාවන් පසුපස සියලුම කරුණු කාරනා මගහැර හඹා යෑම පිරිමි හෝ ගැහැණු එක පාර්ශවයකට පොදු වූවක් නොවෙයි. එසේ විවාහපත් යුවලක් දැඩි ආදරයෙන් කල් ගෙවමින් සිට මොහොතකින් ඒ සියල්ල අමතක කර සිය බිරිඳ අන් පුරුෂයෙකු සමග වරදෙහි බැඳේනම් ඇයට අපමණ ප්‍රේමකල සැමියාට එය කෙසේ දරා ගත හැකි වේද.. ගීතයේ නිමිත්ත වී ඇත්තේ එයයි.

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..

සැමියා මෙතෙක් කල් සිය බිරිඳව දුටුවේ කාන්තියෙන් බබලන සඳක් ලෙසටයි. නමුත් ඇය වරදෙහි බැඳීම දෑසින් දුටු පසුත් එය එසේම නොවෙයි. කාන්තිමත් බව වැසී ගිය අඳුරේ ගිලුන සඳකට ඇය දැන් සමයි. ඔහුට සිටි වටිනාම වස්තුවත් තමාට එරෙහි වූ පසු ඔහුට දැනෙන අපමණ තනිකම නිවා දමන්නේ ඝන අඳුර පමණයි. ඒ මෙම ගීතය තුල සිටින චරිතය සිය බිරිඳගේ සතුට කෙරෙහි බාධා කිරීමට දක්වන නොකැමැත්ත හා ඉවසීම නිසාවෙන්. ඔහුට තනියට සිටි බිරිඳ තවෙකෙකුගේ තනි මකාලත්දී ඔහු ඔහුගේ තනිය මකා ගැනීමට ඝන අඳුරට ආරාධනා කරනවා, සඳක් නැති අහසක තිබෙන තාරකාවන්ගෙන් පලක් නැති නිසා තරු නිවාගෙනම සිය තනිය මකන්නට එන්නටයි කියා....

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ....
සිය ජීවිතයම බෙදා ගැනීමට සිටි එකම සැනසිල්ල, සුවය හී සර පහරකින් විසුණු වන්නාක් මෙන් ක්ෂණිකවම ඔහුගෙන් ඈත්ව ගොස් හමාරයි.. මම මා සතු යැයි මෙතෙක් සිතූ අයගේ නෙතු යුග දැන් මගේම පමණක් නොවේ. තවෙකෙක් ඊට හිමිකම් කීමට සිටිනවා.. ගීතය තුල රචකයා මවා ඇති චරිතය පවසයි..

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා....
කිසිවෙකුට වරදක් නොකළ, කිසිදා අන් සිත් නොරිදවූ මේ පුද්ගලයා හට, ඉවසනවා හැරෙන්නට ගත හැකි අන් විකල්පයක් නැත. කිසිවෙකු මේ ලෝකේ සදා කාලික ආදරය කල අය නොවෙයි. මරණින් හෝ එය අවසන් වෙන බවයි යතාර්ථය. මොහු එය පසක් කර ගනී.. එසේ යම් දිනෙක වෙන් වෙන තාක් කල්ම මේ රහස රහසක් ලෙසම පවතියි.. ගීතය තුල මවා ඇති යතාර්ථවාදී චරිතයේ අවසාන තීරණය එයයි..

ගීතය ප්‍රේමකීර්ති මහතාගේ පෞද්ගලික අත්දැකීමක් වේවා හෝ නොවේවා.. එය එසේ සිතීමට රසිකයාව පෙළඹවීම ඔහුගේම ක්‍රියාවකි. ඒ අන් කිසිවක් නොව, ඔහු එතරම්ම සියුම්ව මේ අත්දැකීම විග්‍රහ කොට ඇති අපූර්ව බව නිසාවෙන්ම වේ...

Sunday, October 5, 2014

නින්ද නැති රැයේ ගීත‍යේ කතාව -The Story Of Songs

















නින්ද නැති රැයේ
සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද
ප්‍රථම ප්‍රේමයේ...

ගුණදාස කපුගේ ශිල්පියානන්ගේ තවත් එක අමරණීය ගීතයක් “නින්ද නැති රැයේ” ගීතය.. කිසිදිනක එක නොවන ප්‍රථම ප්‍රේමයක අවසාන හෝරා කීපයක හැගීම් මෙලෙස වචන කරන්නේ රත්න ශ්‍රී ශූරීන් විසිනුයි.. “නින්ද නැති රැයේ” ගීතයට උත්පත්ති දෙකක් තිබේ යැයි මාපැවසුවහොත් ඇතැමෙක් පුදුම වන්නට ඉඩ ඇත. නමුත් එය සත්‍යකි. ගීතය එකිනෙකට වෙනස් සංගීත රටා සහ තනුවක් යොදා දෙවාරයකදී පටිගත කොට ඇත. ප්‍රථම ගීතය එතරම්ම රසික ජනාදරය දිනා නොගත් නිසාත් ගීතයේ අරුත් පූර්ණ කම නිසාත් ගීතයට වැඩි සාදාරණයක් සංගීත නිර්මාණය තුල තිබිය යුතු බව කපුගේ මහතා විශ්වාස කිරීම එයට හේතු වන්නට ඇති.. දෙවන වර පටිගත කිරීම තුලින් “නින්ද නැති රැයේ” ගීතයට සිය දෙවන අමරණීය උපත ලැබිණි.

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිදප්‍රථම ප්‍රේමයේ.....

පෙර කී පරිදිම සිය පෙම්වතියට සමු දීමට ඇය හමු වීමට රාත්‍රියක සිය පෙම්වතා පැමිණෙයි. නින්ද නොයන තරමට විරහ වේදනාව දෙදෙනාගේම සිත් වසා පැතිර ගොසිනි. පෙම්වතිය ශෝකයෙන් වත සඟවාගෙන කඳුළු සලයි.. රචකයා එය සමාන කොට ඇත්තේ මීදුමකට හසු වුනු සඳකටය.. සඳෙහි ඇති සුන්දර බව වසාගෙන පැතිරී ඇත්තේ කඳුළු මීදුමකි. පෙම්වතිය එසේ හඬත්දී පෙම්වතාගේ චරිතයට ආරූඩ වන රචකයා පවසන්නේ මෙලෙස පෙම්වතිය හා සැඟවී හඬන්නේ තව සුළු මොහොතකින් නිම වෙන සිය ප්‍රථම ප්‍රේමය බවයි.

තාරකා දියේ ගිලී
නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි
රෝස පෙති කඩා හැලේ.....
තාරකා දියේ ගිලී එලිය නිවෙන්නාක් මෙන් ඇයගේ තරු වැනි දෑස කඳුලේ ගිලී දීප්තිය මැකී යයි. දෑසින් ඇද හැලෙන කඳුළු වර්ෂාවට ඇගේ දෙතොල් රෝස පෙති කඩා හැලෙයි.

කිළිපොළා සැලී යමින්
නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා
ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ
සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී
යා යුතුව තිබේ.........

පෙම්වතියට සමු දීමට රාත්රිායේ පැමිණි පෙම්වතා රාත්රිීයේ සිසිලසෙහිම අවසන් වතාවට පෙම්වතියගේ උනුහුමට දෙනෙත් පියා තුරුළු වෙමින් මෙසේ පවසයි..“මේ ගෙවෙන්නේ හීනයක් නොවෙයි සැබෑ ජීවිතයයි. මේ හෝරා කීපය සිහිනයක් වුනානම් තව ඔබ ලඟම ඉන්නට තිබුනා.. එත් මෙයයි යතාර්ථය මා උදයෙන්ම නැවත යා යුතුයි. ඒ මට ඔබව හිමි නැති නිසා...”

රැය ගෙවේ සඳත් නිවේ
දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ
පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා
මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි
සොඳුර ඒ මගේ.......

“මේ රැය ගෙවී සඳ නිවී යන ලෙසම අප ප්‍රේමයද නිමා අදින් නිමා වෙයි.. එනමුත් ජීවිතය එසේ කෙටි නෑ.. තව දිගු කාලයක් ජීවත් විය යුතුයි. ඉතින්, මට යන්න අවසර දෙන්න.. මගේ කුමරියේ..” පෙම්වතා නික්මෙන්නට අවසර පතයි. මලක් නැති ගසක කටු මත දෙතොල තියන්නේ ඒ ගසට අනාගතයේ මල් දරන්නටයි. එසේ පෙම්වතියගේ අනාගතය සාර්ථක වීමට සුභ පතා පෙම්වතා ඇයව සිප ගන්නවා.. “සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ” මේ අවසන් මොහොතේ පෙම්වතිය සිප ගන්න පෙම්වතා ඇයට සිහි කර දෙනවා මේ ඔහුගේ අවසාන හාදුව වන වග....

ගීතයට පාදක වූ සංසිද්ධිය හරි හැටි නොදන්නාමුත් රත්න ශ්‍රී ශූරීන් එම අවස්තාව ගීතයට නගා ඇති අයුරුනම් අගය කල යුතුමය. ගීතය තුල ජීවත් වී ඒ චරිත බවට මොහොතකට පත් වීමට ඔහු රසිකයාට නිර්ලෝභීව අවස්තාව සලසා දී තිබේ..

Friday, October 3, 2014

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි ගීත‍යේ කතාව -The Story Of Songs




















මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//

සරලත්වය තුලින් අති විශිෂ්ට ගී පද බිහි කල ප්‍රේමකීර්ති මහතාගේ ජනප්‍රිය ගීත ලයිස්තුවේ පෙරමුණේ තිබෙන ගීතයක් ලෙස “මේ නගරය” ගීතය පෙන්වා දිය හැකිය. ගීතය තුල යෙදී ඇත්තේ අතිශය සරල පද මාලාවකි. ගීතය තුලින් කියවෙන්නේ පේරාදෙණිය සරසවිය තුල දළුලා වැඩුණු ප්‍රේම වෘතාන්ත්‍රයක දුක්මුසු අවසානයක් පිළිබඳවයි. සැබවින්ම එකී ප්‍රේමයට මහනුවර නගරයේ සීමාවෙන් ඔබ්බට යන්නට මොනයම් හෝ හේතුවක් නිසා අවසර ලැබී නොමැත. ඔවුන් මුන ගැසුණු නගරයේම ඔවුන්ගේ වෙන් වීමත් සිදුව ඇත.

වැව් ඉවුරේ දිය රළ
පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත්
නව දලු ලනවා
සරසවි බිම කඳුරැල්ලෙන්
එතෙර පේනවා
ඔබත් එක්ක ආයෙත් එහි
යන්න හිතෙනවා

ඔවුන්ගේ ප්‍රේමය අවසන් වූ නමුත් නගරය තුල ඔවුන්ගේ මතක අතර ඇති කිසිවක් නොවෙනස්ව පවතියි. පෙම්වතා සිය අතීත ප්‍රේමය තුල තනි වී මතක අතර සැරිසරයි. පෙර පෙම්වතිය හා යලිත් සරසවි බිම තුල පියමන් කිරීමට, දොඩමලු වීමට ඔහු තුල අහිංසක ආශාවක් මැවෙයි.

ඔබ අතගෙන ගිය වීදියෙ
ඈ හා යනවා
පුංචි පුතා අතැඟිල්ලේ
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යළි සිහි වෙනවා
ජීවිතයම හීනය කැයි
කියා හිතෙනවා

මේ පෙම්වතා දැන් විවාහකයි. ඔහු පියෙක්. අතීත පෙම්වතිය හා ගිය වීදියේ ඔහු දැන් සක්මන් කරන්නේ සිය බිරිඳ හා කුඩා පුතු සමගින්. එකල ඇය සමග පැතූ පැතුම් ඔහුට සිහි ගැන්වෙනවා. ඒ පැතුම් ඉටු නොවීම තුල ඔහුගේ සිතේ ඇති වෙන්නේ අපරිමිත දුකක්. ජීවිතයම හැබෑවක් නොවෙයි සිහිනයක් යැයි සිතමින් ඔහු සිය දුක තුනී කර ගන්නට උත්සහ කරනවා.
ගීතය අසන්නෙකු සැබවින්ම මේ ගීතය තුල මොහොතකට හෝ අනිවාර්යයෙන්ම ජීවත් වනවා. ගීතය තුල පෙම්වතාගේ අත්දකීම් රසික අත්දැකීම් හා මුසු වන්නට ප්‍රේමකීර්ති මහතාගේ සරල පදවැල් ප්‍රධානතම හේතුවක් වනවා.

නොමිලේ Payoneer කාඩ් එකක් ගන්න කැමතිද?

What is Payoneer Master Debit Card..?

මේ කාඩ් එක දෙන්නේ Payoneer ස්යිට් එකෙන්. 2005 ඉන්දලා මේ වෙනකම්ම මේ අය මේ Payoneer කාඩ් නිකුත් කරනවා. මේ කාඩ් එක ගන්න අයට පුලුවන් ඇමරිකාවේ Choice බෑන්ක් එකේ ගිනුමක් ලබාගන්න. මේ කාඩ් එක ඔනම කෙනෙක්ට ගන්න පුලුවන්. ඔනම කෙනෙක්ට කිව්වට 18+ අයට විතරයි. මන් නම් ගත්තේ අපේ අක්කගේ නමට. ඔයාටත් පුලුවන් අම්මගේ, අක්කගේ, අය්යියගේ, තත්තගේ නමට ගන්න. තව දෙයක්, මේ Payoneer Master Debit Card  සම්පුර්නයෙන් Free තමයි ලැබෙන්නේ.

 

 

Why  Should You Use Pioneer Card?

★ ලන්කාවේ දැනට Internet Marketersලා මුහුන දීලා තියෙන ලොකුම අවුල වෙන්නේ PayPal වලින් ලන්කාවට සල්ලි ගෙන්ව ගන්න බැරි එකයි. ඒකට බය නැතුව, නීතයානූකූල විදිහට PayPal සල්ලි ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් මේ Payoneer Master Debit Card එක හරහා.

★ Fiverr එකේ සල්ලී කෙලින්ම ලන්කාවේ ඔනම Visa Mark thiyena ATM එකකින් ගන්න පුලුවන් පැය 3කින්.

★ තව ගොඩාක් සයිට් වලින් ඔයා හොයන සල්ලී ආරක්ශිතව ලන්කාවට ගෙන්ව ගන්න පුලුවන් Ex: Plimus, PayPal, Fiverr, ShareCash, Freelancer, Elance and So On.

★ වෙනත් රටක විදිහට PayPal හදලා සල්ලි ගනිද්දි Risk එකක් තියෙනවා. ඒත් මේ Payoneer Master Debit කාඩ් එකේ Risk ekak නැහැ.

★ Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.

තවත් හේතු අවශ්ය නැහැ කියලා හිතනවා. තියෙන ලොකුම ප්‍රශ්න වලට විසදුම් ලබෙනවනම් පොඩි ප්‍රශන ගැන හිතන්නේ නැතුව මේක පවිච්චි කරන එක හොඩයි කියලා හිතනවා.

Payoneer Card Rates & Fixed Fees.

★එක පාරක් ATM එකෙන් සල්ලි ගන්නකොට $3 (Rs500) කැපෙනවා Fixed Fee එකක් විදිහට.
★Balance එක බලන හැම පාරම $1 (Rs125) එකක් කැපෙනවා.
★කාඩ් එකේ එක එකක් විදිහට තියෙනවා.
★කාඩ් එක load කරන හැම පාරම $2 (Rs300) හෝ $5 (Rs800) කැපෙනවා. $2 කපාගෙන සල්ලි ගත්තෝත් දවස් 2කින්(Business days) සල්ලි එන්නේ. $5 කපාගෙන සල්ලි ගත්තෝත් පැය 2කින් සල්ලි එනවා.
★වාර්ශික Fee එකක් විදිහට $12 වගේ කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.
★මාසික Fee එකක් විදිහට $3 කැපෙනවා. - කාඩ් එකේ සල්ලි තිබුනොත් විතරයි.

කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ. කාඩ් එකට සල්ලි අරගෙන මාස ගනන් තියන්න එපා. එතකොට සමහර කැපෙන්නේ නෑ.

මේ දවස් වල වලට කරන අයට $25 එකක් ලැබෙනවා. හැබැයි කාඩ් එක ආපු ගමන් බබා වගේ ලැබෙන්නේ නෑ. ඔයා $100 කාඩ් එකට ගෙන්නුවට පස්සේ තමයි ලැබෙන්නේ.

Thursday, October 2, 2014

ඇරඹුමම කඳුළක්‌ වෙලා ගීත‍යේ කතාව -The Story Of Songs


















මෙම ගීතයෙන් පැවසෙන්නේ  වර්තමානය තුල සුලභ තාවකාලික අරුත් සුන් ප්‍රේමය පිලිබඳවයි.

ඇරඹුමම කඳුළක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා…
මෙය පෙම්වතෙකුගේ අසරණ ප්‍රකාශනයක් ලෙස දිස් වෙයි. ප්‍රේමය ආරම්භයේදීම එහි ඉමක් නොදකින බව හඳුනා ගන්න නිසාවෙන්ම සැමටම සිතට සහනයක්, සතුටක් ගෙනෙන ප්‍රේමය මේ ප්‍රේම මවන්තයාට ගෙන දෙන්නේ දුකක්. කිසිවක් කර ගත නොහැකි පෙම්වතා හට බලා සිටිනවා. ආදරය නමැති මාතෘකාව තුල ඇය බොහෝ දුරක් ඇවිදින්. මේ ප්‍රේමය තවත් එක නවාතැනක් පමණයි. පෙම්වතා බලාපොරොත්තු වන අන්දමට මේ පෙම්වතියගේ ගමනාන්තය නොවෙයි. ඇය ඔහු වෙතින් නික්ම යන්නේ ඒ නිසයි.


දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා…//
අරුත පසදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා…
ඇය ලියූ ආදර කවිය පෙම්වතාට බොහෝ දුක්බර වූ කවියක්. එකී දුක්බර කවියේ පවා පද පෙළක් අඩුවෙනුයි ඇය ලියා යන්නේ. එවන් කවියක අරුතක් කෙසේ සොයන්නද.. පෙම්වතා බලාපොරොත්තු වන්නට ඇත්තේ අරුත් පූර්ණ වූ ප්‍රේමයක් මිස තාවකාලික පෙම් කතාවක් නොවේ.මෙවන් ප්‍රේමයක අරුත විමසන්න ඇයත් නොමැති තැන ඔහු තවත් අසරණයි.


ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා…//
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා…
කඳුලින් අරඹන මෙකී ප්‍රේමය කෙරේ යම් දිනක ශෝකාන්තයක් පැමිණෙන බව දෙදෙනාම දැන නොසිටියාම නොවෙයි. පෙම්වතා සිටියේ දිරිමත්ව එයට මුහුණ දීමට. නමුත් පෙම්වතිය තුල එයට දිරියක් ඇත්තේ නෑ. විසඳා ගත නොහැකි ඉමක් නොපෙනෙන ගැටළු ගොන්නක් ඉතිරි කර පෙම්වතා තනිකර පෙම්වතිය ඔහු කෙරෙන් නික්මී ගොසින් …!

කසුන් කල්හාරයන් සිය හඬ තුල විවිධ හඬ හැඩතල මවන්නෙක්. මේ ගීයට අවැසි වන ශෝකී ස්වරූපය මුසු ඔහුගේ හඬත්. නාලක අංජන කුමාර සංගීතවේදියාගේ මිහිරි සංගීතයත් ඉහත පද රචනයට සිදු කොට ඇත්තේ වචනයෙක් කිව නොහැකි සාධාරණයක්. ගීතයේ සාර්ථකත්වය කෙරෙහි බල පා ඇත්තේද එයම විය යුතුයි.


PHP Tricks - login and registering system එකක් හදාගමු

 

 

 

 

 

 

 

 

 

 

 

Do you like to make  Login System by using PHP .

 ඉස්සල්ලම php, server හා database පරිගණකයේ ස්ථාපනය කරගත යුතුය. මෙ‍යට  wamp වගේ server එකක් දාගන්නත් පුළුවන්.

ඉස්සල්ලම browser එකේ http://localhost/phpmyadmin  කියල ගහන්න.

database>create new database ගිහිල්ල test කියල database එකක් හදන්න. collation කියන එකට  
utf8 _genaral _ci silect කරන්න.

ඒකේ members කියල table ක් හදන්න. ඒකේ id, username, password, email කියල fields 4ක් හදන්න. id කියන ඒකේ type 1 INT, length එක 5, collation utf8 _genaral _ci දෙන්න. අනිත් fields වල type 1 VARCHAR, length එක 50, collation utf8 _genaral _ci දෙන්න.



 2. දැන් main_login.php  හදමු.

<html>

<head>
<title>Login</title>
</head>

<body>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<tr>
<form name="form1" method="post" action="checklogin.php">
<td>
<table width="100%" border="0" cellpadding="3" cellspacing="1" bgcolor="#FFFFFF">
<tr>
<td colspan="3"><strong>User Login here:</strong></td>
</tr>
<tr>
<td width="78">User name</td>
<td width="6">:</td>
<td width="294"><input name="myusername" type="text" id="myusername"></td>
</tr>
<tr>
<td>Password</td>
<td>:</td>
<td><input name="mypassword" type="password" id="mypassword"></td>
</tr>
<tr>
<td>&nbsp;</td>
<td>&nbsp;</td>
<td><input type="submit" name="Submit" value="Login"></td>
</tr>
</table>
</td>
</form>
</tr>
</table>
<hr/>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<form name="form2" method="post">
<tr><td colspan="3"><strong>Sigin up here</strong></td></tr>
<tr><td><input type="submit" name="signup" value="Join"></td></tr>
</form>
</table>
</body>
<?php
if(isset($_POST['signup'])){
header("location:register.php");
}
?>
</html>






  3. දැන් register.php  හදමු.

මේකේ //mail($email,$subject,$message); කියන line එක // වලින් coment කරලා තියෙන්නේ localhost ඒකේ mail function එක වැඩකරන්නේ නැති නිසා. sever එකට හොස්ට් කරනකොට // අයින් කරලා දාන්න.

<?php

$host = 'localhost';
$user = 'root';
$pass = '';
$database = 'test';

$con = mysql_connect($host, $user, $pass);

if (!$con) {
die('Could not connect: ' . mysql_error());

}


mysql_select_db($database, $con);

$query = "SELECT * FROM `".$database."`.`members`";

$results = mysql_query($query);

$persons = array();
if($results && mysql_num_rows($results) > 0) {
while($row = mysql_fetch_assoc($results)) {
$persons[] = $row;
}
}

$querySelectGraphics= "SELECT username FROM `".$database."`.`members`";

$resultsSelectGraphics = mysql_query($querySelectGraphics);

$Graphics = array();
if($resultsSelectGraphics && mysql_num_rows($resultsSelectGraphics) > 0) {
while($rowGraphic = mysql_fetch_assoc($resultsSelectGraphics)) {
$Graphics[] = $rowGraphic;
}
}
?>



<html>
<head>
<title>Register</title>

</head>



<body>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<tr>
<form name="form1" method="post">
<td>
<table width="100%" border="0" cellpadding="3" cellspacing="1" bgcolor="#FFFFFF">
<tr>
<td colspan="3"><strong>Sign up here</strong></td>
</tr>
<tr>
<td width="78">Username</td>
<td width="6">:</td>
<td width="294"><input id="usern" type="text" name="usern">
</td>
</tr>
<tr>
<td>Password</td>
<td>:</td>
<td><input id="passw" type="password" name="passw">
</td>
<tr>
<td>Repeat Password</td>
<td>:</td>
<td><input id="rpassw" type="password" name="rpassw">
</td>
<tr>
<td>Email</td>
<td>:</td>
<td><input id="mail" type="email" name="mail">
</td>
</tr>
<tr>
<td>&nbsp;</td>
<td>&nbsp;</td>
<td><input type="submit" VALUE="submit" name="Button" >
</td>
</tr>
</table>
</td>
</form>
</tr>
</table>


<?php



if (!isset($_POST['passw']))
{

$_POST['passw'] = "undefine";
}


if (!isset($_POST['usern']))
{

$_POST['usern'] = "undefine";
}

if (!isset($_POST['mail']))
{

$_POST['mail'] = "undefine";
}

$usname=$_POST['usern'];
$pword=$_POST['passw'];
$email = $_POST["mail"];

$subject = "Thank you for registering!";
$message = 'You have just registered the following details :<hr/>
<table bgcolor="#E0E0E0">
<strong>Username: </strong>'. $usname .'<br/>
<strong>Password: </strong>'. $pword .'</table>
<hr/>
<h3><a href="#">Click here to login</a></h3>';

$dbunames = mysql_query("SELECT * FROM `".$database."`.`members` WHERE username='$usname'");




if(isset($_POST['Button'])){



if (empty($_POST['usern']) || empty($_POST['passw']) || empty($_POST['rpassw']) || empty($_POST['mail']))
{
echo "Please fill every fields!";
}
elseif (($_POST['passw'] != $_POST['rpassw']))
{
echo "Password and Repeat passwords did not match!";
}


elseif (mysql_num_rows($dbunames) > 0)
{
echo "The username is already registered. ! Try another name. eg.: kasunaaa instead of kasun ";
}
else
{
mysql_query("INSERT INTO `test`.`members` (`username`, `password`, `email`) VALUES ('".$_POST['usern']."','".$_POST['passw']."', '".$_POST['mail']."');");

//mail($email,$subject,$message);

header("location:main_login.php");
}


}


?>


</body>

</html>









4. දැන් checklogin.php  හදමු.

<?php

$host="localhost"; // Host name
$username="root"; // Mysql username
$password=""; // Mysql password
$db_name="test"; // Database name
$tbl_name="members"; // Table name

// Connect to server and select databse.
mysql_connect("$host", "$username", "$password")or die("cannot connect");
mysql_select_db("$db_name")or die("cannot select DB");

// username and password sent from form
$myusername=$_POST['myusername'];
$mypassword=$_POST['mypassword'];

// To protect MySQL injection (more detail about MySQL injection)
$myusername = stripslashes($myusername);
$mypassword = stripslashes($mypassword);
$myusername = mysql_real_escape_string($myusername);
$mypassword = mysql_real_escape_string($mypassword);
$sql="SELECT * FROM $tbl_name WHERE username='$myusername' and password='$mypassword'";
$result=mysql_query($sql);

// Mysql_num_row is counting table row
$count=mysql_num_rows($result);

// If result matched $myusername and $mypassword, table row must be 1 row
if($count==1){

// Register $myusername, $mypassword and redirect to file "login_success.php"

session_start();
$_SESSION['login'] = "1";



header("location:login_success.php");
}
else {
echo "Wrong Username or Password";
}
?>








5. දැන් login_success.php හදමු.

<?php
// Check if session is not registered, redirect back to login page.
// Put this code in first line of web page.


session_start();

if (!(isset($_SESSION['login']) && $_SESSION['login'] != '')) {
header("location:main_login.php");
}
?>

<?php
// if log out buttion is pressed sent to login page and no more can visit members only pages
// Put this code and logout form in any where of web page.
if(isset($_POST['logout'])){
session_destroy();
header("location:main_login.php");
}
?>


<html>
<body>
Login Successful
<hr/>
your content here

<hr/>
<table width="300" border="0" align="center" cellpadding="0" cellspacing="1" bgcolor="#CCCCCC">
<form name="logout form" method="post">
<td colspan="3"><strong>Log out</strong></td>
<td><input type="submit" name="logout" value="log out"></td>
</form>
</table>
</body>

</body>
</html>


මේ file ඒකේ your content here කියන තැන ඔයාට ඕන content දාන්න log උන අයට විතරක් පෙන්නන ඕනේ.හැම content page එකක්ම මේ විදියට හදන්න  මේ files ඔක්කොම sever ඒකේ www folder ඒකේ sub folder එකක save කරන්න. ඊටපස්සේ main_login.php එක run කරන්න.





  

Wednesday, October 1, 2014

විවිධ සතුන් සිහිනෙන් දැකීමෙන් ලැබෙන පලාඵල


1) කළු නයෙක් දැකීම-:  ක්‍රමයෙන් අසරණවේ.

2) සුදු නයා -: විශාල ධනලාභ උරුම වාසි ලැබේ.

3) පිඹුරා -: සතුටක් කෙලවර දුකක්

4) ලේ මාපිලා-: මානසික රෝග ඇති කරයි

5) ගැරඩියා -: පහත් පැවතුම් ඇති ස්ත්‍රියකු හෝ පුරුෂයකු ඇසුරු කිරීමට සිදුවේ.

6) මකුණන් දැකීම -: නිධන් රෝගයක පෙර නිමිති

7) හිසෙහි උකුණන් සිටිනවා දැකීම -: අසමගිකම්       ඉස්මතුවේ.

8) මී මැස්සකු දැකීම -: ආධාර උපකාර ලැබේ.

9) මී මැසි රංචුවක් -: දියුණුව ලැබේ.

10) මී වදයක් දැකීම-: ආදරයෙන් උපරිම සතුට ලැබේ.

11) කකුළුවා -: අමනාපකම්

12) මාළු රැනක් දැකීම -: සුභ ආරංචියක්

13) තෝරා හෝ මෝරකු දැකීම -: සතුරු කරදර

14) ආඳා -: සුභ අසුභ මිශ්‍රව ලැබේ.

15) කටුස්සා -: දියුණුව ඇණ හිටී.

16) මකුළුවා -: අනතුරක්

17) මැඩියා -: හදිසි අනතුරක්

18) බඹරා -: පහත් අයගෙන් චෝදනා

19) දෙබරා -: නොකළ වරදකට අපහාස විදී

20) මැස්සා -: චිත්ත පීඩා

21) පළගැටියා -: යහළු මිත්‍රකම් බිදේ

22) කුහුඹුවන් දැකීම -: සමාජශිලීවේ.

23) කළු කුහුඹුවන් දැකීම -: නඩු හඹ වලින් ජය

24) දළඹුවා -: වටිනා දෙයක් නැතිවේ.

25) රිලවා -: රෝග උපද්‍රව හා රැවටිලි වලට හසුවීම

26) වඳුරා -: උගත් හිතවතෙකු සතුරුකම් කරයි.

27) මීයා -: මිතරකු යටින් උගුලක් අටවයි.

28) ගැඩවිලා -: පවුලේ අමනාප කම් ඇතිවේ.

29) පට පනුවා -: ගෞරව සම්මානයට පාත්‍රවේ.

30) තලගොයා -: පහත් අයකුගෙන් පහත් ගැරහුම්

31) වල් ඌරා -: පහත් අයකු විශ්වාස කොට කරදරයට පත්වේ.

32) ඔටුවා -: ඉදිරියේදී විවිධ අගහිඟතා මතුවේ.

33) බැටළුවා -: ඉදිරි සාර්ථකත්වය

34) ගවයා -: උත්සාහයෙන් තොරවම ජය ලැබීමක්

35) කලු ගවයා -: පවුලේ අය හා පිටස්තරයන් අතර ආරවුල්

36) කුළු හරකා -: සතුරු කරදරයක්

37) එළදෙන -: අනාගත දියුණුවට අඩිතාලම

38) ලෙඩවූ එළදෙන -: කරන වැඩ අවුල්වේ.

39) සුදු අශ්වයා -: විශාල ලාභ ලැබේ.

40) වෙනත් පැහැ අශ්වයකු -: අසුභ දසුනකි.

41) එළුවා -: කරදර වලින් පසු සහනයක්

42) ගෝනා -: භේද

43) බල්ලා -: කරන කටයුතු අසාර්ථකවේ.

44) බුරන බල්ලා -: ප්‍රභූ උදවු ලැබේ.

45) බල්ලා සපා කනවා දැකීම -: හිතවතෙකු විරුද්ධවේ.

46) බල්ලා සමඟ ඇවිදිනවා දැකීම -: හොද මිතුරකු හමුවේ.

47) සිංහයා -: ගෞරව සම්මාන ලැබේ.

48) ඇතා -: බලාපොරොත්තු ඉටුවේ.

49) කොටියා -: සතුරු උවදුරු

50) බළලා -: මිතුරකුගෙන් කරදර ඇතිවේ

51) වෘකයා -: පවුලේ අසමඟිකම්

52) නරියා -: බලාපොරෙත්‍තු වූ තරම් යහපත් ප්‍රතිඵල නොලැබේ.

53) ඉත්තෑවා -: ධන හානි

54) වළහා -: මිතරකු අමනාපවේ

55) මුවා -: කිසිවකු උගුලක් අටවමින් සිටී.

56) මොනරා -: පවුලේ සැමට නිරෝගී සුව

57) සැළලිහිණියා -: දේව ආශිර්වාදය ලැබේ.

58) කුකුළා -:දුරස් වූ ඥාතීන් ලංවේ

59) කිකිළිය -:ඩසතුට විනෝදය ලැබේ.

60) කිකිළිය සහ පැටවු -:බොරු චොදනාවකට හසුවේ.

61) වළි කුකුළා -:හදිසි ධන ලාභ

62) ගිරවා -:මිතරකු අමනාපවේ

63) මයිනා -:සම්පත් විනාශය

64) කපුටා -:ශෝකදායි පණිවුඩයක් අසන්නට ලැබේ

65) සුදු හංසයා -:ආර්ථිකය සවිමත්වේ සොර සතුරු උවදුරුද පැමිනේ

66) කළු හංසයා -:පවුල් අවුල්

67) වවුලා -:නොසිතූ කරදර

68) පරෙවියා -:පැරණි පෙම් සබදතා නැවත අළුත්වේ.

69) තාරාවා -:වැරදි සම්බන්ධ වලින් කරදර

70) රාජාලියා -:විනිවිද දැකීමක් කරදරයකින් මිදේ.

71) ගිජු ලිහිණියා -: සර්පයන්ගෙන් කරදර

72) කොවුලා -: පවුලේ අඩදබර

73) කෙබෙයියා -: ගෞරව සම්මාන ලැබේ

74) නාද කරන පක්‍ෂියකු දැකීම -: ධන ලාභ හා සතුරන් මිතුරුවේ.

75) කුකුළකු හඩලෑම දැකීම -: සතුට විනොදය ලැබේ.


( උපුටාගැනීම මුහුණුපොතෙන් )

බ්ලොග් (blog) එකක් .info හෝ .com කරගන්න අයුරු

මුලින්ම ඔයා  domain name එකක් ගන්න ඔන. ඒවගේ මිළ ගණනුත් එක්කම මෙන්න මෙ සයිට් එකෙන් බලාගන්න. එක එක කම්පණිවල විවිධ ප්‍රමෝෂන් තියෙන නිසා ඔයාට විවිධ මිළ ගණන් වලට ඩොමේන් නේම්ස් ගන්න පුලුවන්.

www.godaddy.com

ඔයා ඩොමෙන් එකක් මිළදී ගත්තාට පස්සේ ඒ කම්පැණි එකට කියන්න ඔන ඔයාගේ DNS settings බ්ලොගර් එකට ගැලපෙන්න වෙනස් කරන්න කියලා. ඒක එයාල නොමිලේ කරල දෙනවා.දැන් ඔයා ඔයාගේ බ්ලොග් එකේ Settings වල Publishing එකට යන්න. එතකොට පහත ආකාරයෙන් බලාගන්න පුලුවන්






දැන් Switch to advanced settings කියන එක ක්ලික් කරන්න

 



දැන් ඒ ඒ කොටස් අවශ්‍ය ආකාරයට ෆිල් කරගන්න.

ඇයගේ ආදරය දිනාගන්නේ කෙසේද?

තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සබඳතා දිගුකාලීන සබඳතා බවට පත්වන්නේ කලාතුරකිනි. ඊට බොහෝ විට හේතු වන්නේ එකිනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාවයි. ආදර සබඳතාවක්‌ පවත්වාගෙන යන විට පෙම්වතා පෙම්වතියගේ ආදරය දිනාගන්නට සමත්a වී තිබෙනවාද? පෙම්වතුන් ලෙස ඔබට ඇයගේ ආදරය හඳුනාගන්නටත්, ඇයගේ ආදරය තමා සතු කරගැනීමටත් හැකිවී තිබෙනවාද? ස්‌වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරයක්‌ ඇති වන්නේ රාගික හැඟීමත් සමගයි. ආදරයේ දී කාන්තාවගේ හැඟීම් වෙනස්‌ වේ. "මං හිතන විදියටමයි එයා හිතන්නෙ", "මම කැමැති විදියටමයි එයා අඳින්නෙ" මෙවැනි සිතුවිලිත් සමගම කාන්තාව තුළ ආදරයක්‌ ඇති වේ. පිරිමි සිත් රාගික හැඟීම්වලට ඉඩ දුන්නද කාන්තා සිත ඉඩ දෙන්නේ ආශාවන්වලට පමණයි. මේ නිසාම ආදරයේ දී එකිනෙකාගේ සිතුම් පැතුම් එකිනෙකට වෙනස්‌ වේ.

ආදරය යන්න මිනිසෙක්‌ තුළ ඇති වන උතුම් හැඟීමකි. ආදරය කරන විට පිරිමියා ඒ දෙස බලන ආකාරය, කාන්තාව ඒ දෙස බලන ආකාරය අනුව එකිනෙකා හඳුනාගත යුතුයි. මෙය එක හා සමාන වූ පමණින් උතුම් ආදරයක්‌ ඇති වේ. ආදරය සදාකල්හිම පැවතෙන සංසාරික බැඳීමකි. මෙකී නොසංසිඳෙන ආදරය සදාකල්හිම පවත්වාගෙන යන්නට ඇයගේ ආදරය දිනා ගැනීම වැදගත්.

පෙම්වතිය හැමවිටම හැඟීම්වලට ඉඩදෙයි

පෙම්වතා ලෙස ඔබට ඔබේ පෙම්වතියගේ හැඟීම් තේරුම්ගත හැකි නම් ජීවිත කාලය පුරාවටම ඇය සමග සතුටින් කාලය ගතකළ හැකිවේ. හැමවිටම කාන්තාවක්‌ තම සිතේ ඇතිවන ආදරය, සෙනෙහස, දුක, මෛත්‍රිය, කෝපය, කුතුහලය, සැකය, බය පිළිබඳ කතා කරයි. සිතනු ලබයි. නමුත් පිරිමියා මීට ප්‍රතිවිරුද්ධව සිතුවහොත් ඔහු හා ඇය අතර සබඳතාව පවත්වාගෙන යැමට නොහැකි වෙයි. පෙම්වතිය සමග කතා කරන විට තේරුම් ගත යුතු පළමු දෙය වන්නේ ඇය හැඟීම්වලට කතා කරන බවත්, මා හැම විටම ඇයගේ හැඟීම් අසා සිටිය යුතු බවත්ය. ඇය ආදරය ගැන කතා කළත් දුක ගැන කතා කළත් පිරිමි ඔබ එය අසා සිටිය යුතුය. සාමාන්‍යයෙන් ඔබේ පෙම්වතිය වැඩිපුර කතා කරන්නේ දුක, කනස්‌සල්ල, පාළුව, තනිකම, හුදෙකලාව, වේදනාව, කලකිරීම් ආදී කරුණු පිළිබඳවය. මේ ඇය තුළ ඇති වන හැඟීම්ය. ඇය මුදල් උපයන ක්‍රම පිළිබඳව, දේශපාලනය, ආර්ථික ප්‍රශ්න පිළිබඳ වැඩිපුර කතා නොකරන අතර වැඩිපුර කතා කරන්නේ ඉහත කාරණා ගැනය. ඒ නිසා ඇයගේ ආදරය දිනා ගන්නට නම් ඔබ පෙම්වතියගේ


ආදරය ගැන කතා කිරීමට, රස විඳීමට, වින්දනය ලබන්නට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. ඔබේ සිත දිනාගත් තරුණිය සමග ආදරය ගැන කතා කරන්නට හැකිනම් ඇයගේ සිත දිනාගැනීමට හැකිවේ. සාමාන්‍ය ස්‌වභාවය වන්නේ තරුණයා තරුණියකගේ, ආදරය දිනාගත් පසු ඒ ගැන කතා කිරීම අත්හැර දමයි. නමුත් තරුණියට මියයන මොහොත දක්‌වාම ආදරය ගැන කතා කිරීම අවශ්‍ය වේ. ආදරය කාන්තාවන්ගේ ශක්‌තිය වර්ධනය කරන සාධකයකි. ඒ නිසා මේ වචනයෙන් එන හැඟීම හැම විටම දැනෙන දෙයක්‌ බවට පත්විය යුතුය. ආදරය ප්‍රකාශ කිරීම, කතා කිරීම, දැනෙන්ට සැලැස්‌වීම තුළින් පහසුවෙන්ම පෙම්වතියගේ ආදරය දිනාගැනීමට හැකි වේ.
හැඟීම්වලට ඇහුම්කන් දිය යුතුය. ප්‍රේම සබඳතා බොහොමයක්‌ අතරමඟදී බිඳ වැටෙන්නේ පෙම්වතා හැමවිටම පෙම්වතියගේ හැඟීම්වලට ඇහුම්කන් නොදීම නිසයි.

පෙම්වතිය පුංචි පුංචි දේ ගැන කැමැත්තක්‌ දක්‌වයි
පෙම්වතියගේ උපන්දිනයට ඇයට ලැබෙන තෑගි අතරින් ඇය වඩාත් සතුටට පත්වන්නේ පෙම්වතා ආදරයෙන් ලබාදෙන උණුසුම් හාද්දකින් විය හැකියි. නමුත් පෙම්වතා ලෙස ඔබ සිතන්නේ තම පෙම්වතිය වෙනුවෙන් මහා ලොකු දෙයක්‌ කළ යුතු බවත් එවිට ඇය මහා ඉහළින් සතුටු වන බවයි. තරුණියන් සතුටු වන්නේ කුඩා, කුඩා දේවල්වලින් බව තරුණයන් දැනගත යුතුය. උදාහරණයක්‌ ලෙස තමන්ගේ පෙම්වතිය මුණගැසුණු දිනය මතක තබාගෙන ඇයට රෝස මලකින් තෑගි කරන්නට හැකිනම් එය විශාල දෙයක්‌ ලෙසින් තරුණිය සලකයි. පෙම්වතිය මුලින් හමුවූ දිනය, පෙම්වතියගේ උපන් දිනය ආදිය පිළිබඳව මතක තිබේ නම් ඇය බොහෝ සතුටට පත්වේ. නමුත් මෙවැනි කුඩා දේවල් අමතක කිරීම විශාල ගැටලු ඇති කරන්නට හේතු වේ.


පෙම්වතිය හැමවිටම උණුසුම අපේක්‍ෂා කරයි

කාන්තාවන් හැමවිටම ප්‍රතිවිරුද්ධ ලිංගිකයකුගේ උණුසුමට ආසා කරයි. තමන් ආදරය කරන තරුණියට උපරිම ආකාරයෙන් උණුසුම ලබා දෙන්නට හැකිනම් ඇයට උපරිම ආකාරයෙන් උණුසුම ලබාදිය යුතුය. උණුසුම අඩු වීගෙන යද්දී ඇයට මගේ පෙම්වතා ඈත්වන බවක්‌ දැනෙන්නට ගනී. නමුත් ප්‍රායෝගික ලෝකයේ ඔවුන් ඈත් වී නොමැත. ඔබ දෙදෙනා තුළ පෙර පරිදිම ආදරය පවතී. කාන්තාවගේ ස්‌වරූපය වන්නේ පිරිමියාගේ උණුසුම විඳිමින් ඔහුගේ තුරුලෙහිම රැඳී සිටීමයි. ඇයට ඔබ ළඟ රැඳෙමින් උණුසුම විඳින්න ඉඩ ලබාදෙන්න. එවිට ඇය ඔබව හැර නොයයි.

පෙම්වතිය සිතන දේ සහ කියන දේ අතර වෙනසක්‌ පවතී

ඔබේ පෙම්වතිය සිතන්නේ එකකි. කියන්නේ තව එකකි. උදාහරණයක්‌ ලෙස පෙම්වතා තම පෙම්වතියට මුහුදු වෙරළට යැමට කතා කළ විට ඇය "හ්ම්" යනුවෙන් පිළිතුරු දුන්නේ නම් ඉන් අදහස්‌ වන්නේ ඇය ඊට අකැමැති අතර පෙම්වතා අමනාප වේ යෑයි සිතා එයට කැමැත්ත දුන් බවයි. මේ ආකාරයට ඔබ පෙම්වතිය අකමැතිම දේ කිහිප සැරයක්‌ පැවසූ විට තත්ත්වය කෙසේ වේවිද? එවිට තරුණියගේ සිත තුළ මෙම අකැමැතිම දේ කරනවා යන සිතුවිල්ල ඇති වේ. ඇයට මුහුදු වෙරළට යන්න කතා කළ විට ඇයගේ පිළිතුර "හ්ම්" වුවහොත් ඔබ කළ යුත්තේ ඇය සමග නොයා සිටීම නොවේ. ඔබ ඒ සඳහා ඇයට වෙනත් විකල්පයක්‌ ඉදිරිපත් කිරීමයි. චිත්‍රපටයක්‌ බලන්න යමුද, ලන්ච් අවුට්‌ එකට යමුද ආදී වශයෙන් වෙනත් යෝජනා ඉදිරිපත් කිරීමය. එවිට ඇය ඇයගේ අදහස්‌ ප්‍රකාශ කරයි. තරුණියන්ගේ හිනාවීමද එබඳුය. ඒ තුළත් අර්ථ කිහිපයක්‌ ගැබ්වී ඇත. ඇය තනි වචන භාවිත කරයි (තනියි, පාළුයි, දුකයි) නම් ඉන් අදහස්‌ වන්නේ තම පෙම්වතාගේ උණුසුම අපේක්‍ෂා කරන බවයි. හැමවිටම පෙම්වතිය කියන දේට වඩා වෙනස්‌ අපේක්‍ෂාවන්, හැඟීම් ඇයගේ සිත තුළ තිබේ. ආදරයේ දී පෙම්වතා ලෙස ඔබ හැමවිටම පෙම්වතියගේ හැඟීම් වටහා ගන්න.

මානව විද්‍යාඥ මධුෂා දිසානායක